ගණුදෙනුකරුවෝ ලතැවෙද් දී මහ බැංකු අධිපති පෙම් කෙළි

ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ කටුකද්දී, මහ බැංකු අධිපති සමඟ මස් සූප්පු කළ අම්මණ්ඩි

ගෝල්ඩන් කී ගණුදෙනු කරුවන්ගේ අදෝනාව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මාතෘකාවකි. මේ අදෝනාව අස්සේ පෙම් කවි කියූ අයද පසුගිය කාලයේ සිට ඇතැයි අහම්බෙන් මෙන් අසන්නට ලැබුණි. ගෝල්ඩන් කී හි මුදල් තැන්පත්කර 8600ක් පමණ තැන්පත් කරුවන් එය ලබා ගැනීමට ලතැවෙද් දී මෙසේ පෙම් කෙළ ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ය.

ඔහුගේ පෙම්වතිය වී සිට ඇත්තේ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපතිනි ''දුෂ්‍යන්ති හපුගොඩ''ය. මෙය තරමක විහිළුවකි. මන්දයත්, ගෝල්ඩන් කී තැන්පත්කරුවන් සිය ගැලැවුම්කාරිය ලෙස විශ්වාස කළ දුෂ්‍යන්ති ඔවුන් පාවාදෙන වෘකයකු වීම නිසා ය.

කෙසේවුවද දුෂ්‍යන්තිගේද, කැරැට්ටුව හොඳ එකියක් නොවේ. ඇය කලින් අරාබිකරයේ ගෘහ සේවිකාවකි. එසේ සේවය කර උපයාගත් යමක් ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කර ඇති ඈ එය වසා දැමීමත් සමග කුපිත වූ ගෝල්ඩන් කී තැන්පත් කරුවන්ගේ කරපිටින් පැමිණ ඔවුන්ව මෙහෙයවන්නිය බවට පත්වී තිබේ.

පසුගිය කාලයේ දී ගෝල්ඩන් කී හි අධ්‍යක්ෂ මණ්ඩලයට ද අතුලු වූ ඇය හිටපු මහ බැංකු අධිපතිගේ කොල්ලුපිටියේ රහස් ගුබ්බෑයමට ආගිය වාර ගණන අනන්ත බව පැවසේ. ඒ සම්මාදම නිසාම ඇයට ගොල්ඩන් කී තැන්පත් කරුවන් වෙනුවෙන් පසුගිය රජය ගෙවීමට නියම වූ මුදල් සියල්ල ලැබී ඇත.

නැත්නම් ඇය මේවන විට ගෝල්ඩන් කී හි තැන්පත් කළ මුදල හා ඊට සමාන පොලී මුදලක් ද උපයාගෙන තිබේ. මේ මුදල් ලබා ගැනීමට ඇයට දොරටු හැරලූයේ අජිත් නිවාඩ් ය.
මේ කෙළියේ අවසන් බලිය වූයේ ගෝල්ඩන් කී තැන්පත් කරුවන් මෙල්ල කිරීමට අජිත්, දුෂ්‍යන්ති පාවිච්චි කිරීමය.


Share this