එක්සසයිස් වැඩිවෙලා වමනෙත් ගිහිල්ලා

රුක්ෂානා දිසානායක මේ දවස්වල ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක්. ටෙලිනාට්‍ය කිහිපයකම ඇය චරිත නිරූපණය කරනවා. රුක්ෂානා අලුත්ම චිත්‍රපටයක රංගනය සඳහා මේ දිනවල සූදානම් වෙනවා. ඒ හරුෂ උඩකන්ද අධ්‍යක්ෂණය කරන මාධ්‍යවේදී ප්‍රසාද් සමරතුංග තිර රචනය කළ ‘උලත් එකයි පිලත් එකයි’ චිතුපටයේයි. ‍

පසුගිය දවසක මේ චිත්‍රපටයේ රඟපාන නළු නිළියන් වෙනුවෙන් රංගන පුහුණු වැඩමුළුවක් පැවැත් වුණා. එහිදී රුක්ෂානාට නොහිතපු විදිහේ අකරතැබ්බයකටත් මුහුණ පාන්න සිදුවෙලා.

‘පසුගිය දවසක මම රඟපාන නවතම චිත්‍රපටයේ එක්සර්සයිස් වැඩමුළුවකට මම සහභාගි වුණා. මොකද ඒ චිත්‍රපටයේ සටන් ජවනිකා හරියට තියෙනවා. මමත් ඒවාට රඟපෑමෙන් දායක වෙනවා.

මින් පෙර මම එවැනි සටන් පුහුණු වැඩමුළුවකට සහභාගි වෙලා නැහැ. එහිදී කියාදුන් එක්සර්සයිස් කරන්න ගිහින් මට වමනයත් ගියා. එත් එතැනදී මම ලබාගත් අත්දෑකීම් මගේ රංගනයට ඉතාම වැදගත්. රංගනය කියන එක එක් තැනකට සීමා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. 

Share this