අවංක මිනිස්සු කවුද කියලා දැන් මම දන්නවා

වර්තමානයේ රට තුළ කිහිපදෙනෙකු විධායක බලතල ගෙන කටයුතු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පවසන්නේ ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වුව ද ආණ්ඩු බලය හෙබවීම එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකිරීම දක්නට ලැබෙන බවයි.
වාද්දූව විවේකාරාම මහ විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සංඝාවාස ගොඩනැගිල්ල සඟ සතු කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පල කළේය. විවේකීව සිටින කාලය තුළ දී අවංක මිනිසුන් හඳුනාගැනීමේ හැකියාවක් ලැබී ඇති බව එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

Share this