බංග්ලාදේශය දිනවූ ශ්‍රී ලාංකිකයන් තුන් දෙනා

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය පැරද වූ බංග්ලාදේශ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. එ් අනුව ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් සුදු ජාතිකයන්ට මෙවර පළමු වටයෙන්ම ආපසු එංගලන්තය බලා යන්නට සිදු වුණා.

ලෝක කුසලාන තරගාවලියේ A කාණ්ඩයෙන් නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය මේ වන විටත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා අවසන්. බංග්ලාදේශයේ ලැබූ මෙම පෙරලිකාර ජයග්‍රහණය පිටුපස සිටින්නේ කවුරුන්ද ?

මොවුන් පුහුණුව ලබන්නේ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු යටතේයි. ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවායි. රුවන් කල්පගේ ඔවුන්ගේ පන්දු රැකීම් පුහුණුකරුවායි. අනෙක් ශ්‍රී ලාංකිකයා වන මාරියෝ විල්ලවරායන් බංග්ලාදේශයේ අභ්‍යාසක පුහුණුකරුවායි.

චන්දින හතුරුසිංහ කලක් ඔස්ට්‍රේලියානු නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත කණ්ඩායමේ සහය පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කළා. එමෙන්ම 2005 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුහුණුකරුවෙකු ලෙස ඔහු කටයුතු කර තිබෙනවා. 2011 ලෝක කුසලාන තරගාවලියේදීද කැනඩා කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ හතුරුසිංහ කටයුතු කළා.

රුවන් කල්පගේ බොහෝ කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම් පුහුණුකරු ධුරයේ කටයුතු කළ අතර ගිවිසුම් අවසන් වීමෙන් පසු ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ පන්දු රැකීම් පුහුණුකරු ධුරය භාර ගත්තා. මාරියෝ විල්ලවරායන්ද කලක් ශ්‍රී ලංකා කණ්ඩායම් අභ්‍යාසක පුහුණුකරු ධුරයද හොබවනු ලැබුවා.

ඊයේ (09) පැවැති තරගයේදී මොහොමදුල්ලා රියාද් ලෝක කුසලාන ඉතිහාසයේ ශතකයක් වාර්තා කළ පළමු බංග්ලාදේශ ක්රීහඩකයා ලෙසද වාර්තා පොත් අතරට එක් වුණාග ඔහු සහ මුෂ්ෆිකර් රහීම් ලකණු 141ක වාර්තාගත සබදතාවක් ගොඩනැගුවාග එය බංග්ලාදේශ එක්දින ක්රිතකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සදහා වූ හොදම සබදතාවයිග මුෂ්ෆිකර් රහීම් ලකුණු 89ක් රැස් කළාග බංග්ලාදේශ කණ්ඩායම මෙම තරගයේදී ලකුණු 275ක් රැස් කළ අතර එය එංගලන්තයට එරෙහිව වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.




Share this