ඇඟලුම් කම්හලක ලිංගික පීඩා සිදුවූ 129 ක් මුදා ගනී

දැඩි ශාරීරික සහ ලිංගික පීඩා මධ්‍යයේ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටි 129 දෙනෙකු මුදා ගත් බව මෙක්සිකෝව පවසනවා. දකුණු කොරියානු ආයෝජකයෙකුට අයත් මෙම ඇඟලුම් කම්හලේ කාන්තාවන් 121 දෙනෙකු සහ පිරිමි 8 දෙනෙකු සේවය කර ඇති බව සඳහන්. 

මෙම පිරිස අතර බාල වයස්කරුවන් 6 දෙනෙකු ද සිටින අතර දිගුකලක් තිස්සේ මෙහි සේවය කළ කාන්තාවන් සහ බාල වයස්කරුවන් අපයෝජන සිද්ධීන්වලට මුහුණ දී ඇති බවට තොරතුරු හෙළි වී තිබෙනවා. 
නිර්නාමික පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව විශේෂ වැටලීමක් සිදුකර මොවුන් මුදාගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. එහිදී මෙම කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගිය පුද්ගයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙහි සේවය කරන කම්කරුවන් පොලීසියට පවසා ඇත්තේ පාලනාධිකාරිය ඔවුන්ට මෙම ගැටලු සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් කිසිවෙකුට නොපවසන ලෙස තර්ජනය කිරීම් කළ බවයි. එසේම විවිධ චෝදනා සහ භායනක කොන්දේසි මධ්‍යයේ දීර්ඝ සේවා මුරයන් වැඩ කිරීමට සිදු වූ බවද ඔවුන් පවසනවා. දිවා ආහාරය සඳහා සේවකයන්ට ලැබී ඇත්තේ විනාඩි 15ක කාලයකි. එසේ බොහෝ පිරිසක් නීතියට අනුව වැඩ කළ යුතු 8ක් වුවත් ඊට වැඩියෙන් වැඩ කර ඇති බවත් කිසිවෙක් පැය 8 වැඩ කර සේවයෙන් නික්ම ගොස් නැතැයිද අනාවරණ වී තිබෙනවා. 







Mexican authorities have rescued 129 workers, including six children, who said they were physically and sexually abused at a garment firm run by South Koreans.
Four South Korean nationals have been handed over to prosecutors in the western state of Jalisco after workers identified them as the owners or managers of the company named Yes International, the National Migration Institute said.Authorities raided the company in the town of Zapopan on Wednesday after receiving an anonymous tip, INM co-ordinator Ardelio Vargas Fosado told reporters, describing the South Koreans as a "gang of suspected human traffickers".Officials rescued 121 women and eight men, including six minors who were 16 and 17 years old.The workers told prosecutors that they were "victims of physical and sexual abuse, as well as threats, psychological harm and gruelling work days", Vargas Fosado said.The four South Koreans could not prove whether they legally lived in Mexico. The South Korean consulate was notified to provide assistance to the suspects, officials said.Jalisco's chief prosecutor, Luis Carlos Najera, said authorities are investigating whether child abuse and sexual crimes were committed.The employees toiled in "unsanitary" conditions, with pollutants in their place of work, and the material they handled posed a fire hazard while the company had no fire safety equipment, said Victor Manuel Torres Moreno, a labor ministry official.

Share this