හැව්ලොක්සිටි නිවාස සංකිර්ණයේ 22 වන මහලෙන් වැටී දැරියක් මියයාම (VIDEO)

වැල්ලවත්ත, හැව්ලොක්‌සිටි තට්‌ටු නිවාස සංකීර්ණයේ 22 වැනි මහලෙන් බිමට වැටී සිව් හැවිරිදි සිගිති දැරියක මරණයට පත්ව තිබේ. පෙරේදා (24 දා) රාත‍්‍රි 7.20 ට පමණ සිදුවූ මේ සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ වත්තල, මාබෝල, ගුණතිලක මාවතේ පදිංචිව සිටි ස්ප්නා නව්ෂාඞ් නමැති සිගිත්තියකි.

මෙම සිගිති දැරිය සිය මව, පියා, වැඩිමහල් සොයුරිය හා බාල සොහොයුරා සමග වැල්ලවත්ත හැව්ලොක්‌ සිටි නිවාස සංකීර්ණයේ 11 වැනි මහලේ පදිංචිව සිටින මිත්තනියගේ නිවසට පැමිණ ඇත.

සිද්ධිය වී ඇති දින මෙම සිගිත්තිය සිය මව, වැඩිමහල් සොයුරිය හා බාල සොයුරා සමග මිත්තණියගේ නිවසේ නැවතී ඇති අතර මිත්තනිය එම දැරියන් දෙදෙනාට පාපැදි ලබා දී ඇත.

පසුව මියගිය දැරිය ඇගේ සොයුරියත් මවත්, බාල සොයුරාත් සමග පාපැදි පැදීමට දෙවැනි මහලේ ඇති උද්‍යානයට ගොස්‌ ඇත. එහිදී පාපැදි පදිමින් සිටියදී මියගිය සිගිත්තිය වතුර පිපාසයක්‌ දැනී වැඩිමහල් සොහොයුරිය සමග නැවත වතුර බීමට 11 වැනි මහලට ගොස්‌ තිබේ.

වැඩිමල් සොයුරිය තම බාල සොයුරියට විදුලි සෝපානය නතර කරගෙන සිටින බොත්තම අල්ලාගෙන සිටින්නැයි පවසා මිත්තනියගෙන් වතුර ඉල්ලා ගැනීමට ගොස්‌ තිබේ. ඇය යළි පැමිණ බලනවිට බාලසොයුරිය සිටි විදුලි සෝපානය වැසී තිබෙනු දැක ඇත.

එම මියගිය දැරිය සිටි විදුලි සෝපානය 22 වැනි මහල දක්‌වා ගමන් කර තිබේ. එහිදි විදුලි සෝපානයේ් දොර විවෘත වූ සැටියේ ඉන් බැසගත් දැරිය කලබලයෙන් එහාට මෙහාට දුවමින් සිටියදී මෙලෙස ඇද වැටෙන්නට ඇතැයි සැකකරන බව ද පොලිසිය කියයි.

මේ පිළිබඳව වැල්ලවත්ත පොලිසියේ ස්‌ථානාධිපති ප‍්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උදයකුමාර වුට්‌ලර් මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප‍්‍රසන්න නාගහවත්ත මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ. 


CCTV වීඩියෝ

Share this