'නොන්ඩි නිමල් සහ ''ස්වර්ණ'' මීඩියා අයිතිකරුත් කුඩු බිස්නස් එකට හවුල්"

මාධ්‍යයෙන් හෙළි නොකළ වෙලේ සුදාගේ පාපෝච්චාරණයේ තවත් කොටසක්!

ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය ජාවාරමේ ප‍්‍රධානියෙක් ලෙස සැළකෙන සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සමග ගනුදෙනු කළ බව කියන ලොකු ලොක්කන් ගණනාවකගේ නම් ගම් රහස් පොලිස් ප‍්‍රශ්න කිරීම්වල දී හෙළිවී තිබේ. එහෙත් අප මේ කියන්නට සැරසෙන්නේ මෙතෙක් කල් හෙළි නොවූ වෙලේ සුදාගේ පාපොච්චාරණයේ තවත් කොටසක් පිළිබඳව ය.

ඒ අනුව වෙලේ සුදාට මත් ද්‍රව්‍ය ජාවාරම් කරගෙන යාමට නොයෙක් ආකාරයෙන් උදව් පදව් කරමින් කෝටි ගණනින් මුදල් හම්බ කර ගෙන මාළිගාවල් තනාගෙන දැඩි සුඛෝපභෝගී සැප සම්පත් සහිත සුර සැප විඳි ලොකු ලොක්කන් දැන් දියෙන් ගොඩටගත් මාළුන් සේ ගැහෙමින් සිටින අතර, මේ වනවිට අනාවරණය කරගත් තොරතුරුවලට අනුව වෙලේ සුදා සමග කෙලින්ම ගණුදෙනු කල බවට "නොන්ඩි නිමල්", හෙවත් "අංගවිකල"  සහ මෙරට ‘ස්වර්ණ‘ නාමය සමග කියවෙන මාධ්‍ය ආයතනයක ප්‍රධාණියෙකු ද සිටි.

කුඩු ලාල්, තෙල් බාලා, වෙලේ සුදා සමග සමීප සම්බන්ධකම් පැවැත් වූ "නොන්ඩි නිමල්" නිට්ටඹුව ප්‍රදේශයේ සුපිරි නිවාසයක ජීවත් වන අයෙකු වේ. ඔහු පසුගිය රාජපක්ෂ රජයේ අමාත්‍යවරුන් ගණනාවක් සමග සබඳතාවයන් පවත්වා ඇති බව ද රහස් පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

0723731630 / 0713444333 / 0724155389 යන මේවා "නොන්ඩි නිමල්"ගේ දුරකථන අංක වන අතර, රහස් පොලිසියට සොයා ගැනීම් වලට මෙම අංකයන් ද උපකාරී වනු ඇත.

හිටපු අමාත්‍යවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ගැටලුකාරි තත්ත්වයකට පත්ව ඇත්තේ, එම අමාත්‍යවරුන් වත්මන් ජාතික ආණ්ඩුවට සහාය දෙන නිසා බවත් දින සීය යන තුරු මේ ජාතික ආණ්ඩුව පවත්වාගෙන යා යුතු නිසා බවත් දැනගන්නට තිබේ.  

කෙසේ වෙතත් වෙලේ සුදාගෙන් යැපුණු මේ ලොක්කන් එසේ මෙසේ අය නොවන අතර ඔවුන් සිටින්නේ කොයි මොහොතේ තමන්ගේ දෑතට විලංගු වැටේ දැයි කියා බියේ වෙව්ලමිනි.


මේ හේතුව නිසාම වෙලේ සුදා අත්අඩංගුව තුළ සිටියදීම ඔහුව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව අප මීට පෙරද සටහන් කළෙමු. නමුත්, එවැන්නක් සිදුනොවීමට වග බලා ගැනීම යහපාලන ආණ්ඩුවේ ආරක්ෂක ඇමැති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයාගේත් නියෝජ්‍ය ආරක්ෂක ඇමැති රනිල් වික්‍රමසිංහ ලේ ඥාතියා රුවන් විජේවර්ධනගේත් පරම යුතුකමකි.

එසේ නොවුනහොත් කුඩු මාෆියා ලොක්කන් ආරක්ෂා කර ගැනීමට වෙලේ සුදා ඝාතනය කළාය, යන චෝදනාවෙන් එ් දෙදෙනාට ද ජීවිතය තිබෙන තුරාවට මිදිය නොහැකි බව ද අප කල් තියාම සටහන් කර තබමු.


Share this