එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබලයන් දස දෙනෙකු ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවසට පැමිණ තිබෙනවා. ජනක බණ්ඩාර තෙන්නකෝන්, සරත් අමුණුගම, පියසේන ගමගේ, රෙජිනෝල්ඩ් කුරේ සහ ආතාවුද සෙනෙවිරත්න යන හිටපු අමාත්‍යවරුන් ඒ අතර වන බවයි. එමෙන්ම ජගත් පුෂ්පකුමාර, ෆිලික්ස් පෙරේරා, එස් බී නාවින්න සහ විජිත් විජේමුණිද සොයිසා යන හිටපු අමාත්‍යවරුන්ද මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නිවසට පැමිණ තිබෙනවා. වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නිවසට පැමිණ සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් කියාසිටියේ. ඔවුන්ගේ සහභාගිත්වයෙන් තව නොබෝ වේලාවකින් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෝරා පත් කර ගත් බවත් මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා තෝරා පත් කර ගත් බවත් මීට සුළු මොහොතකට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී දුමින්ද දිසානායක මහතා සහ සරත් අමුණුගම මහතා පවසා සිටියා.