සමාජ වෙබ් අඩවිවල යන කතා බොරු

ජනාධිපතිවරයා සිය මැතිවරණ ව්‍යාපාරයට සහය ලබාදෙන්නේ නම් මුදල් දෙන බවට සමාජ වෙබ් අඩවි තුළ පැතිර ඇති රාවය අසත්‍යයක් බව කුමාර් සංගක්කාර පවසනවා. ඔහු මේ බව සිය නිල ෆේස්බුක් පිටුවේ සහටනක් තබමින් සිය ක්‍රීඩාලෝලීන්ට දැනුම්දී තිබෙනවා.

එවැනි කිසිදු ආරාධනාවක් නොලැබුණු බවත් සුපිරි පිතිකරු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි නායකයකු වන කුමාර් සංගක්කාර ෆේස්බුක් පිටුව හරහා දැනුම්දී තිබෙනවා. කෙසේ වෙතත් මෙම අසත්‍ය පුවත හේතුවෙන් තමා දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් සංගක්කාර තබන ලද සටහන මගින් අවධාරණය කර සිටිනවා.

එම සටහන පහතින් බලන්න.


Share this