උදාවන සිංහල හින්දු අලූත් අවුරුද්දට ඔබට කොහොමද?
මේෂ - ව්‍යාපාරික ජය
ලග්නාධිපති කුජ වක්‍රව, වක්‍ර වූ ශනි සමඟ යෝග වී ඒරාෂ්ටකයකට මැදිව නව වසර ආරම්භ කරයි. දැඩි පීඩාකාරී තත්ත්වයකි. වෘත්තිමය ගැටලූ උරුම හිමිකම් පිළිබඳ ගැටලූ ආදිය ඉස්මතු වෙයි.
කෙසේ වූවද බුද්ධිමත්ව කටයුතු කිරීමට හැකියාව ඇත. තිරසාර ගති ඇති වේ. ආදායම් ලැබීමේ බරපතළ අවහිරතා නැතත් අවහිරතා මතුවෙයි.
ජූලි, අගෝස්තු කාලය වනවිට අඩමාන ව්‍යාපාර, කොන්ත්‍රාත් ආදිය පල දරයි. ප්‍රභූවරුන්ගෙන් උපකාර ලබයි. පරිපාලන බලයක් ක්‍රියාත්මක වෙයි. අගෝස්තු දක්වා හදිසි තීරණ ගැනීමෙන් වළකින්න. හිසේ විවිධ රෝග වේදනා මතුවිය හැක.
සැප්තැම්බර් පසුවන විට සේවා ස්ථානයේ පහසුකම්, හොඳ වාතාවරණයක් උදාවෙයි.
වසරේ අවසාන කාර්තුව වනවිට ව්‍යාපාර දියුණු වෙයි. සම්බන්ධතා ගිවිසුම් කොන්ත්‍රාත්, කොමිස් ලබන ව්‍යාපාර ආදියේ යෙදෙන්නන්ට වාසිසහගතය. තම සොහොයුරන්ගෙන් උපකාර ලබයි.
උසස් අධ්‍යාපනයට, විදෙස් ගමන් ආදියට අවස්ථාව උදාවේ. ප්‍රභූ, පූජක, දේශපාලන අංශවලින් උපකාර ලබයි.
වෘෂභ - විවාහ ජීවිතයට බාධා
ලග්නාධිපති ශුක්‍ර රවිගේ හා සඳුගේ නැකැත්වල ගමන් කරයි. සුව පහසු වාසස්ථාන ලබයි. ජූලි අගෝස්තු කාලය පාසල් දරුවන්ටද සුබය.
හත්වැන්නේදී වන පීඩාකාරී යෝගය නිසා හවුල් ව්‍යාපාරිකයන් අතර ගැටුම් මතුවෙයි. විවාහ ජීවිතයට බාධා ඇති වේ.
ඔක්තෝබර් පසුවන විට පවුල් ජීවිතයේ කරදර අවම වූවද සැප්තැම්බර්, ඔක්තෝම්බර අතර කාලයේ හදිසි අනතුරු ගැන පරිස්සම් වන්න.
වාසස්ථාන මාරුවීම් සිදුවිය හැකි නමුත් සුවපහසු ඒවා ලබයි. ඥාතීන් සමඟ විරසක ඇතිවිය හැක. කලාකරුවන්ට, ක්‍රීඩකයන්ට යහපත් කාලයකි. මේ කාලයේ ගන්නා තීන්දු තීරණ වාසිදායක වනු ඇත.
වසර අවසාන කාලයේ හදිසි ධන හානි විය හැක. අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට යහපත් කාලයකි. බුද්ධිමත්ව කටයුතු කරයි.
සමේ රෝග සහ ඇස් රෝග මතුවිය හැකි බැවින් පරිස්සම් වන්න. රැුකියා උසස්වීම් ලැබිය හැක. තම පරිපාලන හැකියාව ප්‍රදර්ශනය කරයි. ¥ දරුවන්ගෙන් උපකාර ලබයි.
මිථුන - නොසිතූ වාසි රැසක්
ඔක්තෝබර් දක්වා කාලයේ ප්‍රතිවාදීන් මර්දනයට හැකි වූවද ඇතිවන ගැටුම්කාරී වාතාවරණය නිසා අහිමිවීම හා අලාභහානි විඳ ගැනීමට සිදුවෙයි.
ජුනි, ජූලි කාලයේදී ප්‍රභූන් සමඟ ගැටුම්කාරී වාතාවරණයක් උද්ගත විය හැක. මමත්වය ඉස්මතු වෙයි. වර්ෂය මැද භාගය අවසන්වීමට පෙර හදිසියේ නොසිතූ ලෙස වාසි රැුසක් ගෙන දේ. කෙටි ගමන් බිමන්වලින් වාසි සැලසෙයි. අසල්වැසියන් සමඟ යහපත් සබඳතා ගොඩනැගෙයි. ක්‍රියාකාරකම්වල දක්ෂතා දක්වයි. සැප්තැම්බර් ඔක්තොම්බර් කාලය වනවිට හොඳ ආත්ම ශක්තියක් ඇතිවනු ඇත. නුවණ මෙහෙයවා කටයුතු කිරීමට හැකි වෙයි.
ළය පීනස, ශල්‍යකර්ම, උදරාබාධ ආදිය පිළිබඳ සැලකිලිමත් වන්න. ගෘහස්ථ කරදර අඩුවෙයි. පාසල් අධ්‍යාපනයට සුදුසු කාලයකි. සන්නිවේදන අංශයේ රැකියා, ඒජන්සි, ව්‍යාපාර, කොන්ත්‍රාත් ආදියේ යෙදෙන්නන්ට හොඳ කාලයකි. හදිසි අනතුරු ඇතිවීමට ඉඩ තිබේ. වර්ෂය අවසානයේ මංගල කටයුතුවලට ඉතා හොඳයි. විශේෂ ගමන් බලාපොරොත්තු වන්නන්ට එය ඉටුවෙයි.
කටක - උසස්වීම්
කොන්ත්‍රාත්, ව්‍යාපාර ආදියෙන් ලැබිය යුතු මුදල් ප්‍රමාද වෙයි. ජූලිවලින් පසු අවහිරතා මඟහැරෙයි.
ජුනි දක්වා වකවානුව ප්‍රභූ හා රාජ්‍ය උසස් නිලධාරින්ගෙන් සහය ලබයි. ගැබිනි මව්වරු ඔක්තෝබර් දක්වා පරිස්සම් වන්න.
අගෝස්තු - සැප්තැම්බර් වන විට ධනවත් බවත් මඳ දියුණුවක් දැකිය හැක.
හිසේ සෙම, ළය රෝග, ස්නායු ආබාධ පිළිබඳ සැලකිලිමත් වන්න.
හදිසි ධනය ලැබීම් මෙන්ම ධන හානිද බලාපොරොත්තු වන්න.
වෘත්තිකයන්ට උසස්වීම් ලැබීමේ වාසනාව ඇත. සම්බන්ධීකරණ කටයුතු, කොමිස්, ඒජන්සි ව්‍යාපාර, කොන්ත්‍රාත් ආදියේ නිරතවන්නන්ට වසරේ මැද වාසි ලැබේ. අසල්වැසියන්ගෙන් හා ළඟම ඥාතීන්ගෙන් උදව් ලැබෙනු ඇත.
වසර අවසන් විට ආදායම් ඉහළට යයි. ජනප්‍රිය වේ. ආගම දහම කෙරෙහි සිත නැඹුරු වේ. හොඳ සේවා ස්ථාන මාරු ලබයි. විවාහ ජීවිතයේ ගැටලූ මතුවිය හැක. ගුප්ත විද්‍යාව කෙරෙහි සිත යොමුවේ. වෘත්තීය කටයුතු හා වෙළෙඳ ව්‍යාපාර සඳහා ගිවිසුම් අස්සන් කිරීමටද හොඳ වකවානුවකි.
සිංහ - ගරු බුහුමන්
අපේ‍්‍රල් සිට මාස කිහිපයක් යන තෙක් වාසස්ථාන, ඉඩම්, දේපළ, ගැටලූ පෙන්වයි. පාසල් ජීවිතයට කරදරකාරී කාලයකි. සැප්තැම්බර් දක්වා මේ තත්ත්වය පවතී.
ජූලි, අගෝස්තු කාලයේ ආදායම් තත්ත්වයට හා ධනයට යම් යම් හානි සිදුවිය හැක.
සැප්තැම්බර් ඔක්තෝම්බර් කාලයේ ආත්මශක්තිය වැඩි දියුණු වෙයි. නායකත්වය ගෙන කටයුතු කරයි. ගරු බුහුමන් ලබයි. හදිසි දුර ගමන්, විදෙස්ගතවීම් ආදියට ඉඩ ඇත. බහුවිධ ක්ෂේත්රවලින් ආදායම් ලැබිය හැකි තත්ත්වයක් ගොඩනැෙඟ්.
හිසේ රෝග, උෂ්ණාධික රෝග, ළය රෝග පිළිබඳ වසර මැද කල්පනාවෙන් සිටින්න.
වසර අග ආදායම් හොඳ අතට හැරේ. හදිසි ධනයකට උරුමකම් කියයි. ක්‍රීඩා, කලා, සිනමා ක්ෂේත්රවල සිටින අයට හොඳ කාලයකි. වාහන ලබයි. ප්‍රවාහන කටයුතුවල යෙදී සිටින්නන්ට සුදුසු කාලයකි.
පේ‍්‍රම සබඳතාවලට හිතකරයි
කන්‍යා - හවුල් ව්‍යාපාර සාර්ථකයි
ශනි කුජ එක්ව තුන්වැන්නේ කර්කශ යෝගයක් පිහිටමින් නව වසර ලබයි. අසල්වාසීන්, තම සොයුරු සොයුරියන් ආදීන් සමඟ ගැටුම් ඇතිකෙරෙන යෝගයකි.
මැයි ජුනි වෘත්තිකයන්ට හොඳයි. හදිසි උසස්වීම් ලැබෙනු ඇත. නව වෘත්තීන් ලැබීමටත් එම කටයුතු සාර්ථක කර ගැනීමටත් සුදුසු කාලයකි. ව්‍යාපාර සඳහා යම් ආයෝජන යෙදවීමට සිදුවිය හැක. වාසස්ථාන මාරුවකටද පෙලඹෙනු ඇත.
සැප්තැම්බර් ඔක්තෝම්බර කාලයේ වාසනාව උදාවනු ඇත. හවුල් ව්‍යාපාර සාර්ථක වෙයි. හදිසි ධන ලාභ නිසා කලින් අලාභ පියවා ගත හැක.
වර්ෂය අවසන් වනවිට ආදායම් තවදුරටත් යහපත් වෙයි. ආදායම් මාර්ග බහු විධ වෙයි. නමුත් පේ්රමසබඳතා අපචාර බවට පත්විය හැක. මේ නිසා අපවාද ලැබිය හැකි නමුත් කලක් තිස්සේ පැවැති අපේක්ෂා හදිසියේ ඉටුවෙයි.
පාසල් සිසු සිසුවියන්ට යහපත් වකවානුවකි. තම අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් ලබයි. ප්‍රතිවාදීන් අභිභවා යා හැක. සුවිශේෂී වෘත්තීමය පාඨමාලා ප්‍රගුණ කළ හැක.
තුලා - විදෙස් ගමන්
ලග්නාධිපති අටවැන්නේ සඳුගේ නැකතේ ගමන් කරමින් සිංහල අවුරුද්ද ලබයි. ඇස්, චර්ම රෝග, සෙම් රෝග ආදිය ඉස්මතු වෙයි.
මුදල් ගැටලූ සැප්තැම්බර් දක්වා පවතී. ඥාති වියෝවක් ඇතිවන වසරක් විය හැක. ජුලි සිට වෘත්තීය ක්ෂේත්රයේ ප්‍රගතියක් ඇතිවිය හැක. නව රැකියා හෝ උසස්වීම් අගෝස්තු අවසානය දක්වාම අපේක්ෂා කළ හැක.
සැප්තැම්බර් වනවිට උසස් අධ්‍යාපන කටයුතු දියුණු කැර ගැනීමට අවස්ථාව ලබයි. විදේශගතව එය දියුණු කර ගැනීමටද මඟපෑදෙනු ඇත. කෙසේ වූවද විදෙස්ගතවීමට උත්සාහ කළොත් මඟක් පාදාගත හැක.
ස්නායු, උදර, හදවත් රෝග නිසා රෝහල්ගතවීමක් පෙන්වයි.
වසර අවසානයේ සුඛෝපභෝගී දෑ ලබයි. කෘෂිකර්මාන්තය, පතල්, ඉඩකඩම් කෙරෙහි යොමුවන්නන්ට ලාභ වනු ඇත. වෘත්තිමය වශයෙන් කෙටි ගමන් යෙදෙන්නන්ට හොඳයි. ඉඩකඩම් ආරවුල් ඇති වුවද හවුල් ව්‍යාපාර වාසි ගෙන දේ. ව්‍යාපාර අංශයේ නඩුහබවලට මුහුණ දීමට සිදුවනු ඇත.
වෘශ්චික - ගනුදෙනුවලින් වාසි
ඒරාෂ්ටක තත්ත්වය සැප්තැම්බර් දක්වා ඉතා දැඩිව බලපායි. අනවශ්‍ය වගකීම් කරපිට වැටීම, නින්දා, අපහාස, අපවාද ආදියට මුහුණදීමට සිදුවීම මේ කාලයේදී දැකිය හැක. අනුන්ට යටත් නොවීම නිසා ගැටුම් ඇති වෙයි. හිසරදය, රුමැටික් රෝග ආදිය මතුවිය හැක.
අගෝස්තු - සැප්තැම්බර් කාලය වනවිට ආදායම් තත්ත්වයේ යම් ඉහළ නැගීමක් දැකිය හැකි වෙයි. රැුකියා කටයුතුවලද යම් සාර්ථක බවක් පෙන්වයි. රැකියා වෙනසක් වූවත් එය තම වාසියට හැරෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි.
ඉඩකඩම් දේපළ විකිණීමේ ගනුදෙනුවලට පැටළේ. එයින්ද යම් වාසි ලබයි. වසර අවසානය තෙක්ම මෙය දැකිය හැක.
තම දූදරුවන්ගේ කටයුතුවලට වෙහෙසීමට සිදුවෙයි. ක්‍රීඩකයින්ට යහපත් වෙයි. තම උපරිම දක්ෂතා පෙන්විය හැක. මඟුල් තුලා කටයුතුවලට හොඳයි.
ධනු - අධ්‍යාපනයට හොඳයි
ගුරු අවුරුදු සමයේද වක්‍රව ගමනේ යෙදේ. මුදල් සිරවීම්, වෘත්තීය මාරුකිරීම් ආදී ප්රවණතා මතු වේ.
සැප්තැම්බර් වනතෙක්ම ආයෝජනයෙන් ප්‍රයෝජන නොලබයි.
පාදය, ස්නායු ආශ්රිත රෝග, උදරාබාධ ඇතිවිය හැක. විදෙස්ගත වන්නට බාධා ඇති කරයි. නඩු ආදියට මුහුණදීමට සිදුවිය හැක.
මැයි - ජුනි කාලය වනවිට තම රැකියා ස්ථානයේ සුහදශීලී වාතාවරණයක් ඇති වේ. මැයි මාසය මැද භාගය වනවිට මුදල් සිරවීම් ලිහිල්වන ප්‍රවණතාවයක් ඇත.
උසස් අධ්‍යාපනයට හොඳයි. විදෙස්ගත බාධා ලිහිල් වෙයි.
අගෝස්තු - සැප්තැම්බර් කාලය වනවිට කරන කියන රැුකියා සාර්ථක වෙයි. උසස්වීම් බලාපොරොත්තු විය හැක. වසර අවසාන කාලයේ අනවශ්‍ය ආයෝජනයක් නිසා පාඩු සිදුවෙයි. ප්‍රධාන වශයෙන් එය කොන්ත්‍රාත් ව්‍යාපාර කටයුත්තක් හේතුවෙන් විය හැක.
වෘත්තීය පාඨමාලා සඳහා විදෙස්ගත වීමට බලාපොරොත්තු වන අයට හොඳ අවස්ථාවකි. දියවැඩියා අවදානමක්ද පවතී.
මකර - උසස් අධ්‍යාපනය සාර්ථකයි
වසරේ වැඩි කාලයක් වාසිසහගතව ගෙවෙයි. ලග්නාධිපති එකොළොස් වැන්නේ බුධගේ නැකතේ ගමන් කරන අතර එකොළහ අධිපති සැප්තැම්බර් සිට බුධගේ නැකතේ ගමන් කරයි.
බහු විධ ආදායම් මාර්ග වර්ධනය වෙයි.
ජූලි අගෝස්තු වනවිට හදිසි ධන හානි සිදුවිය හැක. කෙසේ වූවද ලග්නාධිපති බලවත්ව ගමන් කරන නිසා නැවත අහිමි වූ ධනය පියවාගැනීමේ වාසනාව උදාවෙයි.
කෙසේ නමුත් මේ වකවානුවේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. බහුවිධ ආදායම් මාර්ග දියුණු වෙයි.
රුමැටික් ආබාධ, ළය පීනස, ස්නායු රෝග ආදියට හේතුයි. චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය වෙයි. විදෙස් මූලාශ්‍රවලින් ආදායම් ලැබීමටද ඉඩ ඇත.
වසර අවසානය වනවිට ආත්මශක්තිය දැඩිව ගොඩනැෙඟ්. සමාජය සමඟ ගැටුම් ඇතිකර ගැනීමට පෙලඹේ.
හදිසි ධනයක් නිසා වාසිදායක තත්ත්වයක්ද ඇතිවනු ඇත. ඉදිරියේදී වාසි සැලසෙන ආයෝජනයකට යොමුවෙයි. අනවශ්‍ය වියදම් අඩුවෙයි. ශූර ලෙස ආදායම් ලැබීමේ කටයුතුවල නිරත වේ.
කුම්භ - බලගතු පරිපාලන යෝගයක්
බලගතු පරිපාලන යෝගයකි. සැප්තැම්බර් වනතෙක් ක්‍රියාත්මක වෙයි. වසර මැද භාගය වනවිට පියා රෝගී විය හැක.
මැයි ජුනි කාලයේ හවුල් ව්‍යාපාර දියුණු වෙයි. සමාජ කටයුතු ප්‍රතිඵලදායක වෙයි. මංගල කටයුතුවලට සුබයි. ජූලි අගෝස්තු කාලයේ හදිසි ධන ලාභ, ලොතරැුයි වාසනා පෑදිය හැක. ඔක්තෝම්බර් වන විට යම් රුධිර පීඩන තත්ත්වයක්, හෘද රෝග තත්ත්වයක් පැන නැඟිය හැකි බැවින් පරිස්සම් වන්න. උසස් අධ්‍යාපනයට හොඳ අවස්ථා උදාවෙයි. විදෙස්ගතවීමකටද ඉඩක් ලැබෙනු ඇත. නිවෙසට සුඛෝපභෝගී දේ ලැබේ. ගෘහස්ථ ජීවිතය යහපත් වෙයි. වතු වගා කටයුතු සහ ප්‍රවාහන අංශයේ කටයුතු කරන්නන්ට සුබ වෙයි.
වසර අවසානයේ හදිසි රෝහල්ගතවීමකට ඉඩ ඇත. නීති ගැටලූ පැන නැඟිය හැක. මිතුරන්ගෙන් වැඩිමහල් සහෝදරයන්ගෙන් උපකාර ලබාගත හැක. සිදුවන දේ ගැන කලින් යම් ඉඟියක් දැන ගැනීමේ හැකියාවක් ඇති වනු ඇත.
සිනමාව, සංගීත වැනි කලා ක්ෂේත්රවල නියැළෙන්නන්ට වසර අවසානය ඉතා හොඳයි.
එඩිතර ගතිය ඇති වෙයි. මේ නිසාම හිතුවක්කාර ස්වභාවයක් පෙන්වයි.
මීන - මංගල කටයුතුවලට සුබයි
නව වැන්නේ ගමන් කරන කුජ ශනි පීඩාකාරී යෝගය සැප්තැම්බර් දක්වා ක්‍රියාත්මකය.
උසස් අධ්‍යාපනයට හා විදෙස් ගමන් යාමට සූදානම් වන අයට අවහිරතා ඇති වෙයි. ඉඩම්, දේපළ ආදී නීති ගැටලූවලට මුහුණදීමට සිදුවේ. සදාචාර ගති අඩු නොවී තබාගැනීමට උත්සාහ කරන්න. පියා සමඟද විරසක විය හැක.
සේවා ස්ථානවල උසස්වීම් භාරකාර තත්ත්වයන් ලැබිය හැක.
කොන්දෙ අමාරු, ඇසේ ආබාධ, රුධිර පීඩනය, හදවත් රෝග පිළිබඳ සැලකිලිමත් වන්න.
පාසල් අධ්‍යාපනයට මෙන්ම උසස් අධ්‍යාපනයටත් යහපත් කාලයකි. නිවාස, ඉඩම් වෙනුවෙන් කොටස් වශයෙන් ගෙවීම අරඹයි. මංගල කාරණා, සමාජ කටයුතු ආදියට සුබ කාලයකි.
වෘත්තීය වෙනස්කම්වලට මඟපෑදෙයි. දාර්ශනික අදහස් හා සදාචාර ගති නැවත මතුවෙයි.
වර්ෂයේ අගවනවිට විශේෂයෙන් දෙසැම්බර් ජනවාරි වනවිට වෘත්තීය කටයුතුවල දියුණුවක් දැකිය හැක. ඒවායේ ගැටුම් තිබුණේ නම් සමනය වෙයි. ආදායම් වැඩිවීම් හා වෘත්තීය උසස්වීම් තම හැකියාව හා දක්ෂතාවය මත ලබයි.
අපනයන හෝ වෙනත් විදෙස් මූලාශ්‍ර මඟින් ආදායම් මාර්ග සැලසේ. මිතුරන්ගෙන් හා වැඩිමහල් සහෝදරයන්ගෙන් උපකාර ලබයි.