ලංකාවෙ කෙල්ලෙක් T20 Cup එක අතට ගත්හැටි (ඡායාරූප)
ගායකයෙක් හා නර්තන ශිල්පියකු වන දුෂ්යන්ත වීරමන්ගේ පෙම්වතිය වන ස්ටෙෆනි සිරිවර්ධන ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්රිකට් තරගාවලියේ ශූරතා කුසලානය සියතට ගෙන බැලීමට වාසනාව උදාකරගත් ලාංකික කෙල්ල බවට පත්ව සිටිනවා. ඇයට මේ වාසනාව උදාවී ඇත්තේ ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් කොදෙව්වන් ජය ගැනීමෙන් පසුවය.
එසේම ඇය අවසන් මහා තරගය නැරඹීමට ගොස් ඇත්තේ කොදෙව් ක්රීඩක ඩවේන් බ්රාවෝ ලබාදුන් ටී ෂර්ටයකින් සැරසී බවටද වාර්තා වනවා.
ස්ටෙෆනි, ක්රිකට් නිවේදිකාවක් වන අතර ඇය ඩුබායිහි පැවැත්වෙන පාකිස්ථාන් සුපර් ලීග් තරගාවලියේ නිවේදිකාවක් ලෙසද කටයුතු කර තිබෙනවා.
ස්ටෙෆනි ලෝක කුසලානය අතැතිව සිටින අයුරු පහළ ජායාරූපයේ දැක්වේ.