දියණියන් දෙදෙනෙකු සිටින විශ්‍රාමිකයකුගේ ගෙවත්තට නිරුවතින් ඇතුළු වුණැයි සැකපිට කොණ්ඩයා අල්ලන්න පොලිස් මෙහෙයුමක්
ගම්පහ ප්‍රදේශයේ වත්තකට ඇතුළුවී නිරුවතින් අශෝභන ලෙස හැසිරෙමින් සිටි බව කියන දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් ‘කොණ්ඩයා’ අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.
‘කොණ්ඩයා’ නමැති මෙම සැකකරු මින් පෙර සේයා සදෙව්මි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර පසුව මුදාහල පුද්ගලයාය. සේයා ඝාතන සිද්ධියට වරදකරු වී මරණ දඬුවමට ලක්වූයේ මෙම කොණ්ඩයා නමැත්තාගේ සොහොයුරාය.
මොහු ගම්පහ බෙම්මුල්ල බදුවතුගොඩ ප්‍රදේශයේ විශ්‍රාමික නාවික නිලධාරියෙකුගේ වත්තට අනවසරයෙන් ඇතුළුවී ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලීසිය පවසනවා.
වත්තේ සිටින එළදෙනක පසුගිය 19 දා රාත්‍රි 8.30 ට පමණ කෑ ගසන ශබ්දය නිවසේ සිටි විශ්‍රාමික නාවික නිලධාරියාට ඇසී ඇති බවත් ඔහු ගොස් බලද්දී කොණ්ඩයා නමැති සැකකරු එළදෙන අසල සිට පැන ගිය බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
එළදෙනගේ ගෙල පෙදෙස සිරකර බැඳ තිබූ බවද, සැකකරු එළදෙනට අස්වාභාවික වධ දී ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.
පසුව ගෙවත්ත පරීක්ෂා කරද්දී සැකකාර කොණ්ඩයාගේ ඇඳුම් කිහිපයක් සහ කාන්තා යට ඇඳුම් කිහිපයක්ද හමුවී තිබෙනවා.
මෙම නිවසේ විශ්‍රාමික නාවික නිලධාරියාගේ දියණියන් දෙදෙනාද වාසය කරන අතර මීට මාසයකට පමණ පෙර එම එක් දියණියකගේ කාමරයේ වහළ මත උළු කැට කිහිපයක්ද ගලවා තිබී ඇති බවට තොරතුරු වාර්තා වන අතර එයද කොණ්ඩයා විසින් සිදුකර ඇතැයි සැකකරන බව පැමිණිලිකරු පොලිසියට පවසා ඇත.
කොණ්ඩයාද එම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නිසාත්, පසුගිය කාලයේදී ඔහුගේ රුව නිතර මාධ්‍ය ඔස්සේ දැක ඇති නිසාත් තම වත්තේ සිටියේ ඔහු බවට පැමිණිලිකරු පහසුවෙන් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති එල්. ජී. කුලරත්න, ගම්පහ සහකාර පොලිස් අධිකාරි ශ්‍රී ලාල් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කාලිංග සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම ක්‍රියාත්මක වනවා.