අනියම් පෙම පසුපස හඹා ආ සැමියාගේ පිහි පහරින් බිරිඳ මරුට
----------------------------------------------------------------------
උඩවලව තණමල්විල මාර්ගයේ මලබොටුආර ප්රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවකට පිහියකින් ඇන ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා. පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ මෙම ඝාතනය පවුල් ආරවුලක් මත සිදුව ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි සබීතා මධුශානි නමැති ගලගහවාඩිය, කැන්දවත්ත, මැදගම, බිබිල ලිපියේ පදිංචිකාරියකි. මෙම කාන්තාව තම අනියම් සැමියා සමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී ඇය පසුපසින් හඹා ආ ඇගේ සැමියාට ඇය හමුවූ අවස්ථාවේ ඇති වූ ආරවුලකින් මෙම පිහි ඇණුම සිදුව ඇති බව දැනට ලැැබී ඇති තොරතුරුවලින් අනාවරණය වන බවයි පොලීසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙක් මේ වන විට උඩවලව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන උඩවලව පොලීසිය විසින් සිදු කරනු ලබනවා.