Five burnt bodies found in Dankotuwa [with video]

දංකොටුවේ සිද්ධිය පාතල කල්ලි දෙකක ගැටුමක්?
ඝාතනය වූ අය අතර : පාතාල නාකයෙක් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් හා ගෝලයන් ?
===========================================
දංකොටුව - බුජ්ජම්පොළ, ඉරබඩගම ප‍්‍රදේශයේ පාළු පාරකදී ගිනි ගෙන පිළිස්සී තිබූ වාහනයේ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්ෂණය මාරවිල අතිරේක මහේස්ත‍්‍රාත් පසන් අමරසිංහ මහතා විසින් සිදු කෙරුණි.

කළුතොට ෆිනෑන්ස් සමාගමට අයත් බව කියන WP PH 1080 දරන අංකය ඇති වෑන් රථයක් වන එහි රියදුරු පන්නල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු විය හැකි බවත් කියති.

ඔහුගේ බිරිය එම වෑන් රිය හඳුනාගත් අතර පිළිස්සී ගිය මළ සිරුරු අතර සැමියාගේ සිරුර ඇත්දැයි හඳුනාගැනීමට ඇය අපොහොසත් වූවාය.

එම සිරුරු බෙහෙවින්ම පිළිස්සී තිබිණි. රිය පැදවූ පුද්ගලයා කපිල යනුවෙන් හඳුනාගෙන ඇති බවත් 10 වැනිදා රාත‍්‍රී 11ට පමණ ඔහු ජංගම දුරකථනයෙන් දියණියට කථා කළ බවත් මිතුරන් කිහිපදෙනකු සමග ගමනක් යන බවත් පවසා ඇතැයි කපිලගේ බිරිය පොලිසියට කියා ඇත. කපිලට එරෙහිව නඩු කිහිපයක් ඇති බවද ඔහු කල්බදු සමාගමක සීසර්වරයකු බවද කියති.

කොල්ලුපිටියේ පදිංචිකරුවකු ද 10 වැනිදා රාත‍්‍රියේ සිට ආගිය අතක් නැතැයි ඔහුගේ බිරිය පොලිසියට කියා ඇත.
කාර්මික දෝෂයක් නිසා වෑන් රථය ගිනි ගත් බව සිතීමට සාධක නැති බවත් මෙම ගැටුම පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුමක ප‍්‍රතිඵලයක් විය හැකි බවත් පොලිසිය සැකකරයි.

පිළිස්සීගිය වෑන් රිය ආසන්නයේ සෙරෙප්පු දෙකක්ද, වෑන් රිය ආ මාර්ගයේ ලේ පැල්ලම් කිහිපයක් ඇති බව මහේස්ත‍්‍රාත් පරීක්ෂණයේ සඳහන් විය.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුරු මීගමුව අධිකරණ වෛද්‍ය නිලධරයා හමුවට ඉදිරිපත් කිරීමටද නියමිතය. වෑන් රියේ සිටි අය කවුදැයි මෙතෙක් හඳුනාගෙන නැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර කියයි.

මේ අතර දංකොටුව සිංගක්කුලි ප‍්‍රදේශයේදී අභිරහස් ලෙස ඝාතනයට ලක්ව සිටින පුද්ගලයන් පස්දෙනා ප‍්‍රසිද්ධ පාතාල නායකයකු වූ ආමි සම්පත් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් හා සංඛගේ ගෝලයන් කිහිපදෙනකු විය හැකි බවට පොලිසිය සැක කරයි.

මීට පෙර මැතිවරණ සමයේ සිදුවූ බ්ලූමැන්ඩල් ප‍්‍රහාරක සිද්ධිය අවස්ථාවේ සිට ආමි සම්පත් සහ ඔහුගේ පවුලත්, සංඛගේ පවුලත් පදිංචිව සිටි ස්ථානවලින් අතුරුදන්ව සිටි බව පොලිසිය කියයි.

බ්ලූමැන්ඩල් සිද්ධියෙන් පසු දෙමටගොඩ චමින්දගේ කල්ලිය, ආමි සම්පත් සහ සංඛගේ පාතාල සාමාජිකයන් අතර වෛරයක් පැවතුණි.

බ්ලූමැන්ඩල් ප‍්‍රහාරය දෙමටගොඩ චමින්ද කළ බවට පැවති සැකයක් මත පසුගියදා දෙම‍ටගොඩ‍දී බන්ධනාගාර බස් රථයේ සිටි දෙම‍ටගොඩ චමින්ද ඉලක්ක කර එල්ල වූ ප‍්‍රහාරය ආමි සම්පත්ගේ කණ්ඩායම කරන්නට ඇතැයි සැක කෙරේ.

ඊට පළිගැනීමක් වශයෙන් දෙමටගොඩ චමින්දගේ කණ්ඩායම ආමි සම්පත් ඇතුළු පිරිස පැහැරගෙන ගොස් මෙසේ ඝාතනය කර හඳුනාගත නොහැකි වන පරිදි පුළුස්සා දමන්නට ඇතැයි සැක කෙරේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.





Share this