මංගලාරාම හාමුදුරුවෝ OIC එක්ක හැප්පෙයි - වීඩියෝ
‘‘OIC මහත්තයෝ මගෙන් කුණුහරුප අහගන්ට එපා...."
දරුවන් නොසළකා හැරීමෙන් අසරණ වූ මව්පියන් පිළිබඳ විවිධ ප්රවෘත්ති වාර්තමානයේ නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබෙනවා.
එලෙස අසරණ වූ මහලු මවකට පිහිටවීමට මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ගත් උත්සාහයට මංගලගම පොලිස් ස්ථානාධිපතිවරයා එරෙහිවීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
මෙම අසරණ මව හා ඇයගේ මුණුපුරා සමඟින් හසලක සිට අම්පාර ප්‍රදේශයට පැමිණ පැළක් සාදාගෙන ජීවත්ව තිබෙනවා. ඒ පිළිබඳව දැනගත් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් එම මහළු මව අතහැර දමා තිබූ නිවසකට රැගෙන ගොස් එහි තාවකාලිකව නතර කරන්නට කටයුතු කර තිබෙනවා. නමුත් මෙයට පොලිසිය මැදිහත්වීම නිසාවෙන් එහ අවස්ථාවෙන් උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබෙනවා.
කෙසේ නමුත් පොලිසියට ජනතාවගෙන්ද එල්ලවූ දැඩි විරෝධය නිසාවෙන් අදාල මහළු කාන්තාව අතහැරදමා තිබූ නිවසේ තාවකාලිකව පදිංචි කිරීමට පොලිසියට සිදුව තිබෙනවා.