පුද්ගලයින් තිස් පන්දහසකට අධික පිරිසකට දිවි අහිමි කරමින් තවත් විශාල පිරිසකට උන්හිටි තැන් අහිමි කරමින් ශ්‍රී ලංකා වෙරළ තීරය සුනාමියෙන් ගිලගෙන අදට වසර 11ක් සම්පූර්ණ වෙනවා. මේ වෙනුවෙන් විවිධ වූ සැමරුම් පැවැත්වුණා. මගීන් දහස් ගණනක් සමග ධාවනය වෙමින් තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගත් දුම්රියක් තෙල්පත්ත පෑරලියේදී සුනාමියට හසුවීම සිහිකරනු වස් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ඒ සුනාමියට හසු වූ අංක 50 දරණ දුම්රිය පෑරලිය ප්‍රදේශයේ මිනිත්තු පහක කාලයක් නවතා යළි ගමන් ආරම්භ කිරීමයි. මීට අමතරව දුම්රියට හසු වූ දුම්රිය මේ වන විට පිළිසකර කර ඇති අතර අංක 50 දුම්රිය පිරිත් සජ්ජායනා කරමින් කොළඹ කොටුවේ සිට හික්කඩුව දක්වා ධාවනය කෙරෙන බවත් ඊට ඉදිරියෙන් සුනාමියට හසු වූ දුම්රිය ධාවනය වන බවත් සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.
එසේම සුනාමි ව්‍යසනයෙන් මියගිය සහ බලපෑමට ලක්වූ ජනතාව සිහිකරමින් අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි 2ක කාලයක් නිශ්ශබ්දතාවයේද නියැලිණි. දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරාම මියගිය පිරිස් සිහිකර ආගමික වැඩසටහන් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත් කෙරෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.
සුනාමි ව්‍යසනය හේතුවෙන් පුද්ගලයන් දෙලක්ෂ තිස්් දහසක් පමණ මුහුදට බිලිවිය. එහි වැඩිම බලපෑමක් සිදුවූයේ ඉන්දුනීසියාවටයි. ඒ පුද්ගලයන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට දිවි අහිමි කරමින්. ඉන්පසු වැඩිම පිරිසක් මියගියේ ශ්‍රී ලංකාවේය.