Condoms made from latex and GRASS are thinner than a human hair but still super-strong

තණකොළ වලින් හදපු ලොව ශක්තිමත්ම හා තුනීම කොන්ඩම් මෙන්න

===========================
තණකොළ වර්ගයක් ඇසුරෙන් මෙතෙක් නිර්මාණය කර ඇති ශක්තිමත්ම හා තුනීම කොන්ඩමය නිෂ්පාදනය කිරීමට  ඕස්ටේ‍්‍රලියානු පර්යේෂකයින් පිරිසක් සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වැලි කඳුවල වැවෙන ස්පිනිෆෙක්ස් නම් තණ විශේෂය මේ සඳහා යොදාගන්නා අතර ඒවා පල්ප බවට පත්කිරීමෙන් අනතුරුව පටලයක් නිෂ්පාදනය කරන බවද පැවසේ.ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩැරන් මාටින් ඇතුළු විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මෙය සොයාගෙන ඇති අතර ඒ පිළිබඳ වාර්තාව මේ වසරේදී නිකුත් කිරීමට නියමිතය.

මේ වන විට වාණිජ මට්ටමේ පර්යේෂණවලින් තණකොළ කොන්ඩමයේ ශක්තිමත් බව තහවුරු කර ඇති අතර පසුගිය වසර අවසානයේදී පර්යේෂකයින් විසින් මයික්‍රෝන 45ක් එනම් මිනිස් හිස් කෙසක ඝනකම සහිත කොන්ඩමයක් නිපදවා ඇත.

වාණිජ මට්ටමේ නියැදියට සාපේක්‍ෂව නව කොන්ඩමය 20‍%ක පීඩනයක් හා 40‍%ක පරිමාවක් දැරිය හැකි බව අනාවරණය වූ බව මහාචාර්ය මාටින් පවසා තිබේ.

 ඕස්ටේ‍්‍රලියාවේ ආදිවාසීන් විසින් මෙම තණ විශේෂය ගම් වර්ගයක් ලෙස භාවිතා කර ඇතැයි පැවසේ.කොන්ඩම් වලට අමතරව ශල්‍ය වෛද්‍යවරුන්ගේ අත්වැසුම් සඳහාද මෙය ප‍‍්‍රයෝජනවත් වනු ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදරටත් වාර්තා කරයි.





Share this