ලෝක ආදරවන්තයින්ගේ දිනය හෙවත් ශුද්ධ වූ වැලන්ටයින්ගේ දිනය ලෙස හැඳින්වෙන පෙබරවාරි මස 14 වැනිදා ලෝකයේ රටවල් රැසකම සමරනු ලබනවා. මෙය මුල් කාලයේදී ආදරයට මුල් තැන දී සැමරනු ලැබුවත් දැන් දැන් වන විට මෙය වාණිජකරණය වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේද වත්මනෙහි මෙය සමරනු ලබනවා. එහෙත් පසුගියදා නිකුත් කෙරුණු වාර්තාවකින් කියවුණේ ආදරවන්තයින්ගේ දිනයේදී වයස අවුරුදු 21ට අඩු මෙරට ගැහැනු ළමුන් 9400 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකගේ කන්‍යාභාවය කෙලෙසෙන බවට ස්කොටිෂ්ෂෝර්බිට් නමැති ආයතනය සිදු කළ සමීක්ෂණයකින් හෙලිව තිබෙනවා. එසේම වෛද්‍ය ආයතනය සහ ගබ්සා මධ්‍යස්ථාන රැසකින් ලබාගත් තොරතුරු අනුව එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සබාවේ වෛද්‍ය අසංක විජේරත්න මහතා පවසන්නේ වසරේ වැඩිම උපත්පාලනයට අදාළ ඖෂධ වර්ග සහ උපත් පාලන කොපු බහුල වශයෙන් අලෙවි වන්නේ පෙබරවාරි මස 14 වැනිදා බවයි. එසේම වැඩි වශයෙන් සියදිවි නසා ගැනීම් වාර්තා වන්නේද පෙබරවාරී 14 ආසන්නයේ වීමත් කෑපි පෙනෙන බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
කෙසේ වෙතත් මෙම වැලන්ටයින් සමරුව සම්බන්ධයෙන් සිරසගොසිප් අපි නවක පරපුරේ මෝස්තර නිරූපණ ශිල්පීන්ගෙන් සහ ශිල්පිනියන්ගෙන් විමසීමක් කළා. එහිදී ඔවුන් විවිධ වූ අදහස් දක්වනු ලැබුවා. මේ ඔවුන් අප සමග පැවසූ අදහස්.....
වැලන්ටයින් ගැන ඔයාගේ අදහස කුමක්ද? යන පැනය අපි සියලු දෙනාටම යොමු කළා. එහිදී ඔවුන් අපට දැක්වූ අදහස් පහත දැක්වේ.
නිරූපණ ශිල්පීන් සහ ශිල්පිනියන් සම්බන්ධීකරණය - ඉමේෂ් නුවන්දක සමගින් ගිතේන්ද්‍ර ලියනගේ
පසු සටහන
අද පෙබරවාරි මාසේ 14 වැනිදා.... ඔබ වැලන්ටයින් සමරන්නෙක් නම් එය සමරන්න... හැබැයි එකක් අමතක කරන්න එපා... ගැහැනු ළමයෙක්ට ඉතාමත්ම වටිනා දේ ආරක්ෂා කර ගැනීමට පෙම්වතියන් වගබලා ගන්න. වැලන්ටයින් සැමරීම යනු බිත්ති හතරක් අතර ශෘංගාරය උරාබීම නොවෙන බවයි සිරසගොසිප් අපගේ අදහස.
නිරුපණ ශිල්පී හර්ෂ් ඩී. පීරිස්
|
|
ඇත්තටම වැලන්ටයින් කියන්නේ මගේ ආගම අනුව අපේ ශාන්තුවරයෙක්ගේ මංගල්‍ය දිනයක්. ඒත් කොහොම වුණත් ඇත්තට ආදරේකට විශේෂ දවසක් වැඩක් නෑ. මොකද හැම දවසකම විශේෂ දවසක් වුණොත් තමයි ඒ ආදරේට පැවැත්මක් තියෙන්නේ. ඒකයි මගේ අදහස. |
නිරූපණ ශිල්පිනී ගයනි කළුපහනගේ
|
|
ආදරේට දිනයක්, කාලයක් නියමයක් කොහේවත් නෑ. ආදරය කරන දෙන්නෙක්ට ඒ අයගේ ජීවිතේ ආදදරෙන් හා විවිධ අත්දැකීම් එක්ක ගෙවන හැම දවසක්ම වැදගත් සහ වටිනවා. ඒකටට අද වැලන්ටයින්ද නැද්ද කියලා වෙසක් නෑ. වැලන්ටයින් කියන දේ තේරූමක් නැති සංකල්පයක් කියලා අද ගොඩක් දෙනො තේරූම් අරන් ඉන්නේ. ඒත් මේ මාධ්‍ය හා වැලන්ටයින් වාණිජකරණය කරගෙන ඉන්න පිරිස නිසා කොහොම හරි මිනිස්සු ඒ රැල්ලට අහුවෙලා. ඇත්තටම ආදරේ කරන දෙන්නෙක්ට නම් විශේෂ දවසක් ඕන වෙන්නේ නෑ. විහේෂයෙන් ආදරෙන් ඉන්න හෝ තමන් එකිනෙකාට ආදරේ බව මතක් කර ගන්න. |
නිරූපණ ශිල්පිනී මධු කුලතුංග
|
|
valentine යනු..... .ඒක එක දවසක් විතරයි.....පැහැදිලිව කියනවානම් සමහරුනට ඒක තමන්ගේ ජන්ම දිනය එනවා වගේ.....ඉතින් එයාලා ඒ දවස..සමරනවා .... ආදරයෙන් ... එක දවසකට සීමා වෙලා... මන් ඉතින් දකින විදිහට ආදරයෙන් සමරන ආදරවන්තයන්ගේ .... .ආදරනීය ..කියලා හිතන් ඉන්න එක දවසක් විතරයි ....මං නම් ඔය දවස ඒ තරම් විශේෂ නෑ...තමන්ට ලැබෙන ආදරය අවංක නම් හැමදාම valentine තමා... |
නිරූපණ ශිල්පිනී ඩිස්නි සෙනෙවිරත්න
|
|
වැලන්ටයින් දවසේ වරදක් නෑ. ඒත් ආදරේ කියන හැඟීම එක දවසකට සීමා වෙන්නේ නෑ. ඒක හැමදාම යාවත්කාලීන වෙන දෙයක්. එදාට මලක් දීලා ආදරේ බෙදා ගත්තට කමක් නෑ. ඒත් ඒක හෝටල් කාමරයක් ඇතුලේ වෙන්න ඕනි නෑ.. ඒක පිවිතරු හිතෙන් කරන සුබ පැතුමක් වෙන්න ඕන... මං හැමෝටම සුබ පතනවා හෙටට විතරක් ආදරේ කියන උතුම් හැඟීම රෝස මලකට, චොකලට් එකකට සීමා නොකර සදහටම හිතේ රැදෙන්න කියලා. |
නිරූපණ ශිල්පිනී අමන්දා ගයාෂි
|
|
ආදරේ කරන එක දවසක් ඕනි නෑ. ආදරේ කියන්නේ හැමදාම හිතේ තියෙන දෙයක්. ඒ දවස විශේෂ විදිහට සමරන එක නම් පිස්සුවක්. අවංකවම මං ඒකට කැමැති නෑ. වැලන්ටයින් දිනය ගොඩක් ලොකුවට සමරනවා, මව්වරුන්ගේ දිනය පියවරුන්ගේ දිනය ඔය විදිහට සමරනවද? නැහැනේ. ඒ දවස් තමයි සමරන්න ඕනි. අපිව ලොකු මහත් කරපු අය වෙනුවෙන්. පුද්ගලිකව මම වැලන්ටයින් දිනයට කැමැති නැහැ වගේම පෙබරවාරි 14 වැනිදා කී දෙනෙක් නම් රැවටෙනවාද? |
නිරූපණ ශිල්පිනී ශෂී නිර්මාණි විජේසිංහ
|
|
අවංකවම ආදරය කරන දෙන්නෙක්ට නම් වැලන්ටයින් දිනය කියන්නේ එකම එක දවසක් විතරයි. මොකද අවංකවම ඒ දෙන්නට දෙන්නා ආදරෙයි නම් ඒ ආදරේ ඒ දවසට විතරක් විශේෂ නෑ. හැම තත්පරේකම ඒ ආදරේ විශේෂ වෙන්න ඕනි. ඒකයි ඒ ආදරේ වටිනාකම ආදරේ කියන්නේ බොහෝම පූජනීය දෙයක්. ඒ නිසා නියම ආදරේකට මේ වැලන්ටයින් දිනය අවුරැද්දේ තියෙන එකම එක දවසක් විතරයි. දෙන්නට දෙන්න හැමදාම හැම මොහොතෙම ආදරෙන් එක වගේ ඉන්නවා නම් ඒ ආදරේ ගොඩක් ලස්සන වෙයි. |
ඩීකේ ලලින්ද්‍ර
|
|
වැලන්ටයින් දවසට ආදරවන්තයින්ට නිදහසේ සමරනවා වගේම, එයාලට අමතක නොවන මොනව හරි තරගයක් හරි දෙයක් හරි තියෙනවා හොඳයි. අලුතින් හිතලා හොඳ දෙයක් තිබුණා නම් හොඳයි කියලා මට හිතෙනවා.
|
නිරූපණ ශිල්පී තරිඳු චමෝද්
|
|
වැලන්ටයින්... ආදරවන්තයින්ගේ දවස... මේකට ආදරවන්තයින්ගේ දවස කියලා විතරක් කිව්වොත් නම් මං වැරදියි කියලා හිතෙනවා.මොකද වැලන්ටයින් කියන්නේ ආදරවන්තයන්ගේ වගේම යහළුවන්ගේත් දවසක්. මේ දවස සමරන්න කිසිම කෙනෙක්ට ආදරවන්තයෙක් ආදරවන්තියක් ඉන්න ඕන නෑ. එයාලා රතු රෝසවලින් වගේම යහළුවන්ටත් පුළුවන් කහ රෝස මලකින් තමන්ගේ යහළුවන්ට සුබ පතන්න. තමන් ආදරේ කරන තමන්ගේ පවුලේ අයටත් අම්මට තාත්තාට සුබපතන්නත් ඒ වගේම වැලන්ටයින් ගැන කතා කරනවිට මේ කාලේ එක එක මිනිස්සු තමන්ගේ වාසියට හදාගත්ත දෙයක්. ආදරේ කරන අයට ආදරේ කරන්න එක දවසක් විතරක් ඕන නෑ. හදවතින්ම ආදරේ කරන අයට හැම දවසක්ම වැලන්ටයින් කර ගන්න පුළුවන්. මේ කාලේ වැලන්ටයින් කියන්නේ එක දවසක් විතරක් ආදරේ කරන දෙන්නා හම්බවෙලා ලෝකෙට පේන්න රෝස මලක් චොකලට් එකක් දීලා කරන රඟපෑමක්. එක පැත්කින් මෙහෙම දවසක් තියෙන එකත් හොඳයි කියලා හිතෙනවා. මොකද ගොඩක් අයගේ ආදර කතාවල හැමදාම අඬන අය එක දවසක්වත් හිනා වෙනවානේ. ඒත් මං නම් හිතන්නේ නෑ වැලන්ටයින් කියන්නේ එක දවසක් නෙවෙයි... හැම දවසකම සමරන්න පුළුවන් දෙයක් කියලා. |
නිරූපණ ශිල්පිනී මධුෂානි තෙන්නකෝන්
|
|
ඒක මහ ලොකු ලස්සන දවසක් නෙවෙයි. අඅපි ආදරෙන් හිටියොත් හැමදාම ආදරණීය දවසක් වෙනවා. දවස නෙවෙයි වැදගත් ජීවිත කාලෙම ආදරෙන් සතුටින් ඉන්න එක. |
නිරූපණ ශිල්පිනී නෙකිටා රෙෂානි
|
|
වැලන්ටයින් කියන්නේ අපි ආදරේ කරන කෙනත් එක්ක ඒ දවස සමරන දවසක්. වැලන්ටයින් එක දවසකට සීමා වෙන්නේ නැතිව හැම දවසක්ම වැලන්ටයින් දවසක් වෙනවනම් ආදරේ ගොඩක් සුන්දරයි. ගොඩක් අය වැලන්ටයින් කිව්ව මතක් වෙන්නේ පෙම්වතාට කරන ආදරයයි. ඒත් මම දකින්නේ අපි ආදාරේ කරන අපේ අම්මා, තාත්තා සහෝදරයෝ යාළුවෝ හිතවත් ඇති ආදරේ සමරන දවසක් විදිහටයි. අපි හැමෝම ආදරෙන් සමගියෙන් ඉන්නවානම් ලෝකේ ගොඩක් ලස්සන තැනක් වෙයි.
අද වැලන්ටයින් සමරන හැමෝටම මම සුබ පතනවා.
|
නිරූපණ ශිල්පීන් සහ ශිල්පිනියන් සම්බන්ධීකරණය - ඉමේෂ් නුවන්දක සමගින් ගිතේන්ද්‍ර ලියනගේ
පසු සටහන
අද පෙබරවාරි මාසේ 14 වැනිදා.... ඔබ වැලන්ටයින් සමරන්නෙක් නම් එය සමරන්න... හැබැයි එකක් අමතක කරන්න එපා... ගැහැනු ළමයෙක්ට ඉතාමත්ම වටිනා දේ ආරක්ෂා කර ගැනීමට පෙම්වතියන් වගබලා ගන්න. වැලන්ටයින් සැමරීම යනු බිත්ති හතරක් අතර ශෘංගාරය උරාබීම නොවෙන බවයි සිරසගොසිප් අපගේ අදහස.