මංගල සාදයක සිටි එක්‌දරු පියෙකුට පහරදී ඝාතනය කළ බව කියන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන ලෙස බලකරමින් දෙදහසකට අධික පිරිසක් ඇඹිලිපිටිය නගරයේ සියලූම මාර්ග අවහිර කරමින් ඊයේ (07 වැනිදා* ක‍්‍රියාත්මක කළ දැවැන්ත උද්ඝෝෂණය නිසා එම ප‍්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගත විය.
ඇඹිලිපිටිය නව නගරයේ නිවසක ඉකුත් 04 දා රාත‍්‍රී අටට ඥාතීන් හා හිතවතුන්ගේද සහභාගිත්වයෙන් සාදයක් පැවැත්වුණි. මෙම සාදය අවට නිවැසියන්ට බාධාවක් බවට පොලිස් හදිසි පොලිස් ඇමතුම් අංකයට (119) ලැබුණු පැමිණිල්ලකට අනුව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජිනේන්ද්‍ර ඩයස් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් එහි ගිය අවස්ථාවේ නිවැසියන් සමග වචන හුවමාරුවක් වී ඇත.
පසුව එය ගැටුමක් දක්වා උත්සන්න වූ අතර, ගැටුමෙන් උත්සවයේ සිටි තිදෙනෙකුද, ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාද, පොලිස් සැරයන්වරයකුද, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුද තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කෙරිණි.
රෝහල්ගත කෙරුණු පොලිස් පහරදීමට ලක්වූ සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන නමැති අයගේ තත්ත්වය අසාධ්‍ය වූ හෙයින් ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට වෛද්‍යවරු තීරණය කළහ. ඔහුගේ හිසට සහ එක් අතකට බරපතළ හානි සිදුවී තිබිණි.
ඔහු ගිලන් රථයෙන් කොළඹ ජාතික රෝහලට රැුගෙන යන අතරතුරදී ඔහුගේ තත්ත්වය වඩාත් බරපතළ වූයෙන් රත්නපුර මහ රෝහලට වහා ඇතුළත් කෙරිණි. එහිදී සිදුකළ ශල්‍යකර්මයකදී ඔහුගේ එක් අතක්ද ඉවත් කෙරිණි. ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර කෘතිම ශ්වසනය ලබා දීමට වෛද්‍යවරු වහා කටයුතු කළහ.
මේ අතර මෙම ගැටුම හේතුවෙන් රෝහල් ගත කරන ලද උත්සවයට පැමිණි තිදෙනා, නිවෙස් හිමියා ඇතුළු පස් දෙනෙකු ඇඹිලිපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මෙම මස 11 දා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇඹිලිපිටිය මහෙස්ත‍්‍රාත් නියෝග කළේය.
මෙම ගැටුම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රත්නපුර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස්, රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත ප‍්‍රනාන්දු, ප‍්‍රදේශයේ විහාරාධිපති හිමිවරුන්, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ හා වෙළෙඳ ප‍්‍රජාවගේ සහභාගිත්වයෙන් පෙරේදා (06) රාත‍්‍රී පැවැත්වුණි.
ගැටුම සම්බන්ධව සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප‍්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට හා ඒ සඳහා ඇඹිලිපිටිය නගරයේ වෙනම ස්ථානයක එම පරික්ෂණ කටයුතු සිදු කෙරෙන බවට නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.
මේ අතරතුර බරපතළ තුවාල ලබා සිටි සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන ඊයේ (07) අළුයම 1.05ට පමණ මියගියේය.
මෙම පහරදීමට සම්බන්ධ සහකාර පොලිස් අධිකාරිවරයා සහ පොලිස් ස්ථානාධිපතිවරයා වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ප‍්‍රදේශවාසී ජනතාව දහසකට අධික පිරිසක් ඊයේ පෙරවරු 10.30ට පමණ ඇඹිලිපිටිය නගරයේ බණ්ඩාරනායක මංසන්ධියේදී දැවැන්ත විරෝධතාවක් ඇරඹූහ.
සියලූ මාර්ග අහුරා තිබිම නිසා නගරය හරහා වාහන ධාවනයද අඩාළ විය. ටයර් පුළුස්සා කළු කොඩි, විරෝධතා හා පුවරු අතැතිව පිරිස උද්ඝෝෂණයේ නිරත වූහ. මෙම උද්ඝෝෂණයට සබරගමුව පළාත් සභාවේ එජාප මන්ත‍්‍රීවරුන් වන ජයතිස්ස රණවීර, පී.අබේනායක යන මහත්වරුද සහභාගි වූහ. විරෝධතාවයට නීතිඥවරු පිරිසක්ද එක්ව සිටියහ.
ඊයේ පෙරවරුවේ නගරයේ සියලූ වෙළෙඳසල් වසා දමා විරෝධතාවට සහයෝගය දැක්වූහ. ”මිනීමරු ඒ.එස්.පී. අත්අඩංගුවට ගන්න”, ”මිනීමරු එච්.කිව්.අයි. අත්අඩංගුවට ගන්න”, ”පොලිසිය බිලා පාටිය කාලා”, ”අගමැතිඳුණි පොලිසියට බොන්න දෙන්න” ආදි පුවරු අතැතිව පිරිස විරෝධතාවයේ නිරත වූහ.
සාදය පැවැති නිවස ඉදිරිපිටද විශාල කළු කොඩි ඔසවා පොලිසියට විරෝධය දැක්වූහ. ඊයේ සවස වන විටද විරෝධතාව පැවැත්වුණු අතර හිස් මිනී පෙට්ටියක්ද මාර්ගයේ තබා පොලිසියට විරුද්ධව උද්ඝෝණය කළහ.
මියගිය පුද්ගලයාගේ දේහය රැුගෙන පෙළපාළි උද්ඝෝෂණ කිරීම තහනම් කරමින් ඇඹිලිපිටිය මහෙස්ත‍්‍රාත්වරයා නිකුත් කළ අධිකරණ නියෝගයක් සහිත ලිපියක් රැුගෙන ඊයේ (07) අධිකරණ නිලධාරියෙකු මියගිය පුද්ගලයාගේ ඥාතීන් හමුවීමට රත්නපුර මහ රෝහලට ගියද ඥාතීහු එය ප‍්‍රතික්‍ෂේප කළහ.
ඊයේ (07) සවස් වනතුරුද පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා මිනිය ඥාතීන්ට භාර දෙනතුරු මෙම නියෝග සහිත ලිපිය භාර නොගන්නා බව ඥාතීන් පවසා තිබේ.
උත්සවය පැවැති නිවසේ හිමිකාර කාන්තාව වන ශිරාණි වර්ණසූරිය මහත්මිය සිද්ධිය පිළිබඳව මෙසේ කියා සිටියාය.
අපේ දුව ලොකු ළමයෙක් වුණ සතුටට 04 දා රෑ අපේ ගෙදර පොඩි උත්සවයක් තිබුණා. ඒකට එකතුවෙලා හිටිය ඔක්කොම අපේ පවුලේ අය. මිය ගිහින් ඉන්න සුමිත් මල්ලිත්, එයාගේ නෝනත් ඇවිත් අපිට උදව් කළා. පිරිමි කට්ටිය රෑ කෑම කකා විනෝදයෙන් හිටියේ. පොලිසියේ ජීප් එකක් ඇවිත් නතර කරලා ”කවුද මේ ගෙදර ලොක්කා. මෙහෙට වරෙන් කියලා හයියෙන් සැර කරලා කතා කළා. එතකොට උඩ තට්ටුවේ හිටපු අයත් ඇවිත් බැලූවා. පස්සේ මහත්තයා එළියට ඇවිත් කිව්වා අපි මේ ගෙදර පොඩි උත්සවයක් හෝටලයක් නෙවෙයි පස්සේ වෙලාවක එන්න කියලා.
එතකොට ඒ අයටත් අරක්කු ඉල්ලූවා. අරක්කු නෑ කියපුවාම කතා බහ දුරදිග ගියා. මියගිහින් ඉන්න මල්ලි තමයි කිව්වේ” යන්න, යන්න අපිට වද දෙන්න එපා” කියලා. ඒ අය ගිහින් ටික වේලාවකින් අයෙත් කට්ටියක්ම ආවා. ඒ අය ගෙට ඇවිත් මගේ මහත්තායට හොඳටම ගැහුවා. උඩට ගිහින් සුමිත් මල්ලිටත් ගැහුවා. එයාව උඩ තට්ටුවෙන් තල්ලූ කළා. එයා රෝහලට ගෙනිච්චා.
අපි පැමිණිල්ලක් දාන්න ඇඹිලිපිටිය පොලිසියට ගියත්, අපේ පැමිණිල්ල ලියා ගත්තේ නෑ. මගේ මහත්තයාවයි, දරුවෝ තුන්දෙනයි, මස්සිනයි ඇතුළු අට දෙනෙක්ව පොලිසිය අල්ලාගෙන රිමාන්ඩ් කරලා.
මෙම සිද්ධිය පිළිබඳව මිය ගිය පුද්ගලයාගේ බිරිඳ වන ශෂිකා නිෂාමනී ගුණවර්ධන මහත්මිය මෙසේ කියා සිටියාය.
”අපිට පොලිසිය අමානුෂික ලෙස පහර දුන්නා. මම හිටියේ ළමයත් එක්ක. පොලිසියේ ඒ.එස්.පී. මහත්තයා ඇතුළු විස්සක් තිහක් විතර ඇවිත් සාදයේ හිටපු අයට දිගට හරහට පොලූවලින් පහර දුන්නා. සැමියාට පොලූවලින් ගහලා උඩ තට්ටුවට ඇදගෙන ඇවිත් පහළට තල්ලූ කළා. එයාට සිහිය තිබුණේ නෑ. ගැබිනි මවක් වූ මම එපා කියද්දී, මට තුවක්කුව තියාගෙන තර්ජනය කළා” යැයි හඬමින් පැවසුවාය.
උත්සවයට පැමිණ සිටි විමලසිරි මහතා මෙසේ කියා සිටියේය.
රාත‍්‍රී 10.30ට විතර යුනිෆෝම් ඇඳගෙන පොලිසියෙන් කට්ටියක් ආවා. ඇවිත් අපෙන් අරක්කු ඉල්ලූවා. අපිට දෙන්න තිබුණේ නෑ. ඒ අය අපිට තර්ජනය කළා. ඒ අය කෝල් එකක් දීලා කාට හරි කතා කළා. ජීප් එකකින් සහ ත‍්‍රීවිල්වලින් සිවිල් පිට විස්සක් - තිහක් විතර ආවා. උත්සවයේ සිටි පිරිසට දිගට හරහට පොලූවලින් පහර දුන්නා. ඒ වෙලාවේ හැමෝම හිටියේ බත් කන ගමන්” යැයි ඔහු පැවැසුවේය.
නිශාන්ත පල්ලේගම මහතා අදහස් දක්වමින්
කාන්තාවන්ට පවා ඉවක් බවක් නැතිව පහර දුන්නා. ඒ.එස්.පී. මහත්තයා සිවිල් පිට ඇවිත් පහර දුන්නා. සිවිල් පිරිස ආවේ ගේ පිටුපස පැත්තෙන් යැයි ඔහු පැවසුවේය.
මිය ගිය එක්දරු පියාගේ මරණ පරීක්ෂණය ඊයේ (07) දහවල් වන විටද සිදුකර නොතිබුණි. ඊට ප‍්‍රධාන හේතුව වූයේ ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ නිලධාරින් සහභාගිවී නොසිටීමය.
මෙම ගැටුම් සම්බන්ධව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (07) පැවැති රත්නපුර සම්බන්ධීකරණ කමිටුවේදීද සාකච්ඡාවට ලක්විය.
නිවැසියන්ට පහර දීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හරහා පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කළේය.
රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවට රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී (එජනිස) වාසුදේව නානායක්කාර මහතා විසින් ඇඹිලිපිටිය පොලිසිය කළ පහරදීම සම්බන්ධව පොලිස්පතිවරයා හරහා පරීක්ෂණයක් කළ යුතු බවටත් මිය ගිය හෝ තුවාල ලැබූවන්ට වන්දි මුලක් ගෙවීමටත්, නිවසේ භාණ්ඩවලට සිදුවූ අලාභය සම්බන්ධව රජයේ ආධාර මුදලක් ලබා දීමටත් අවධානය යොමු කළ යුතු බවට යෝජනා කරන ලදී.
රත්නපුර සම්බන්ධීකරණ කමිටු රැස්වීම රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කේ.එස්.බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ කැඳවීමෙන් සභාපතිවරුන් වන සබරගමු ප‍්‍රධාන අමාත්‍යය මහීපාල හේරත්, රත්නපුර දිස්ත‍්‍රික් (එජාප) මන්ත‍්‍රී ඒ.ඒ.විජේතුංග යන මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට යාමේදී කලබල වී තුන්වන මහලේ වීදුරු දෙකක් කඩාගෙන බිමට පැන ඇති බවය.
වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා.
”ඉකුත් 04 වැනිදා රාත‍්‍රි 11.20ට පමණ ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරිවරයාට දුරකතන ඇමතුමක් ඇවිත් තියෙනවා මෙම නිවෙසන් අධික ශබ්දයක් පිටවෙනවා කියලා. සහකාර පොලිස් අධිකාරිවරයා පසුව මේ ගැන ඇඹිලිපිටිය පොලිසිය දැනුවත් කර තිබෙනවා. රාත‍්‍රී 11.45ට පමණ මුලින්ම මෙම ස්ථානයට පොලිස් ජීප් රථයක් පිටත්ව ගියා. එම පොලිස් නිලධාරින් මෙම නිවැසියන්ට හා එහි සිටි පිරිසට දැනුම් දුන්නා ශබ්දය අඩු කරන්න කියලා. පස්සේ පහුවදාම එළි වෙන්න ඒ කියන්නේ පස් වැනිදා 12.10ට විතර නැවතත් පොලිසියට දුරකතන ඇමතුමක් ඇවිත් තියෙනවා මෙම ස්ථානයේ ගැටුමක්. උඩු මහලේ ඉඳන් වාහන වලටත් බෝතල්වලින් පහර දෙනවා කියලා. එම පණිවුඩයට අනුව නැවත පොලිස් ජීප් රථය එම ස්ථානයට යනවා. මධ්‍යම රාත‍්‍රී 12.30ට පමණ දුරකතන ඇමතුම් දෙකක් ලැබි තිබෙනවා.
මෙම නිවැසින්ගේ ගැටුම පිළිබඳව. පසුව එම ගැටලූව විසඳන්න ගිය පොලිස් නිලධාරීන් පස්දෙනාට උඩු මහලට රැගෙන විත් නිවැසියන් සහ අනෙකුත් පුද්ගලයින් පහර දීලා තියෙනවා. ඉන් බේරි එක් පොලිස් නිලධාරියෙක් දුවගෙන විත් ත‍්‍රිරෝද රථයක නැග පොලිසියට පැමිණ තමන් ඇතුළු කණ්ඩායමට පහර දුන් බව පවසා තියෙනවා. ඊට පසුව තමයි ස්ථානාධිපති ඇතුළු නිලධාරින් කණ්ඩායමක් කලහකාරි ලෙස හැසිරුනු පිරිස් අත්අඩංගුවට ගන්න යන්නේ. මෙම අවස්ථාවට සහකාර පොලිස් අධිකාරිතුමාත් යනවා. අනතුරුව මෙම පිරිස පොලිස් නිලධාරින්ටත් පහර දීලා තිබුණා. පොලිස් නිලධාරින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා. මේ සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇඹිලිපිටියේ පරීක්ෂණ අවසන් වනතුරු ඇඹිලිපිටිය පොලිසියේ 21 දෙනකුට තාවකාලිකව ස්ථාන මාරු ලබා දෙන බව ද සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
එසේම මේ සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.