මෛත‍‍්‍රීගේ රැළියට වෙඩි තැබූ චොකා මල්ලිල්ටත් ඇමැති වරප්‍ර‍සාද

දිස්ත‍්‍රික්ක සියල්ල සඳහාම කැබිනට් ඇමති වරප‍්‍රසාද සහිත දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු 54 දෙනෙකු පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

දිස්ත‍්‍රික් සම්බන්ධීකරන සභාපතිවරුන් ලෙස පත්වීම් ලද සියළු දෙනාම පසුගිය 06 වැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අතින් පත්වීම් ලිපි ලබාගෙන ඇති අතර පසුගිය කාලය තුළ මහිනද රාජපක්ෂ පිල නියෝජනය කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකුම ඊට ඇතුළත්ව සිටිති.

හිටපු කථානායක, හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂ මහතා එමදිස්ත‍්‍රික් සම්බන්ධීකරන කමිටු සම සභාපතිවරයෙකු ලෙස පත් කර ඇති අතර පේ‍්‍රමලාල් ජයසේකර (චොකා මල්ලි), ඒ.ඒ. විජේතුංග හා පවිත‍්‍රා වන්නිආරච්චි යන තිදෙනාම රත්නපුර දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරුන් ලෙස පත්කර ඇත.

එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්, සුමේධා ජී. ජයසේන සහ ගීතා කුමාරසිංහ යන මන්ත‍්‍රීවරුන් සහ මන්ත‍්‍රීවරියන්ද දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් ලෙස පත් කර සිටී.

මේ අතර මහින්ද පිල නියෝජනය කරන කොමියුනිස්ට් පක්ෂයේ චන්ද්‍රසිරි ගජධීර මන්ත‍්‍රීවරයාද මාතර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයෙකු ලෙස පත් කරනු ලැබ තිබේ.








Share this