Jul272015

රගර් ක‍්‍රීඩක තාජුදින්ගේ මරණය මිනීමැරුමක් බව අනාවරණය වේ

ආන්දෝලනාත්මක ලෙස මියගිය රගර් ක‍්‍රීඩක වසීම් තාජුදින්ගේ මරණය රිය අනතුරක් නිසා සිදු විනැයි ප‍්‍රකාශයට පත් කර තිබුණ ද එය ස්වභාවික අනතුරකින් සිදු වූ මරණයක් නොව මිනීමැරුමක් බව මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් වෙත දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව මරණයට හේතුව ලෙස සඳහන් වන්නේ ගෙල පිටුපසට මොට ආයුධයකින් සිදු කළ පහර දීමකි.

තව ද වසීම් තාජුදින්ගේ සිරුරෙහි අස්ථි සහ දත්වල බිඳී යාම් තිබූ බවත්, මෙය වදහිංසනයට ලක් කොට සිදු කළ මරණයක් බවත් අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

මරණයට පත් වූ වසීම් තාජුදින්ගේ අවසන් මරණ පරීක්ෂණ වාර්තාව තවමත් නිකුත් වී නොමැති අතර එය ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතව තිබේ.


Share this

More Gossip News