May112015

මධු කටුනායක ගුවන් තොටට ගියේ ඇයි?

මෝස්තර නිරූපණ ශිල්පිනියක් වන මධු කුලතුංග මේ දවස්වල කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරතරම සැරිසරණවා කියලා අපිට ආරංචි වුණා. මේකේ ඇත්ත නැත්ත දැන ගන්න අපි මධුට කතා කළා. 

මධු මොකද මේ දවස්වල මේ කටුනායක පැත්තේ සැරිසරනවා කියන්නේ....

ම්ම්ම්... මං මේ දවස්වල මගේ පළවෙනි චිත්‍රපටයේ රූගත කිරීම්වලට එකතු වෙලා ඉන්නවා. ඉතින් මෙම රූගත කිරීම් තියෙන්නේ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ. මගේ පළමු චිත්‍රපටය වන මෙහි මං රඟපාන්නේ සෙසු චරිතයක්. මම මේකේ  ජනප්‍රිය නිළි පූජා උමාශංකර් එකක් තමයි රඟපාන්නේ... චිත්‍රපටය ගැන මං පස්සේ විස්තර කියන්නම්.... ඉතින් මම කැමැතියි පොඩි තැන ඉඳන් ඉස්සරහට යන්න. ඒකයි මම මේ වගේ සුළු චරිතයකින් මගේ රංගන දිවිය ආරම්භ කරන්න හිතුවේ. චිත්‍රපටය ගැන විස්තර පස්සේ මං සිරසගොසිප් හරහා ඔයාලාට කියන්නම්. දැනට ඇති. 

රූගත කිරීම් අතරතුර ඇය විසින් ලබාගෙන ඇයගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. 



Share this

More Gossip News