කූරගල ගිය සිංහල රාවයට පොලීසියෙන් අධිපීඩන ජල ප්‍රහාර

සිංහළ රාවය සංවිධානය විසින් පොලිස් අණ නොතකා කූරගල ඓතිහාසික භූමියට ඇතුලුවීමට උත්සහ දැරීම හේතුවෙන් එම පිරිසට ජල ප්‍රහාරයක් එල්ල කර විසිරුවා හැර තිබෙනවා. අද පෙරවරුවේ සිට කූරගල ඓතිහාසික භූමියට ගමන් ගන්නා‍ මාර්ගය හරස් කරමින් සිංහළ රාවය සංවිධා‍නයේ පිරිස් විසින් විරෝධතා ව්‍යාපාරයක් දියත්කර ඇති බව වාර්තා වනවා.
ඉන් අනතුරුව කූරගල ඓතිහාසික භූමියට අදාළ පිරිස විසින් ඇතුලුවීමට උත්සහ කර ඇති බවත්, එම අවස්ථාවේදී අදාළ ප්‍රදේශයට ඇතුලුවීම වැලැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ඇති බව විරෝධතාකරුවන්ට කල්තොට පොලීසිය විසින් දැනුම් දී ඇති බවත් සඳහන්ය. 

කෙසේ වෙතත් අණ නොතකා කූරගලට ප්‍ර දේශයට ඇතුලුවීමට සිංහළ රාවය සංවිධානයේ පිරිස් උත්සහ කර ඇති බවත්, එම අවස්ථාවේදී එම පිරිසට ජල ප්‍රහාරයක් එල්ල කර විසිරුවා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා. 

Share this