පැරදුණ එක දැන් හොඳයි කියල හිතෙනව

පැවැති ඡන්දයෙන් පැරදුණු එක හොඳයි කියා තමන් සිතන බව පසුගියදා පැවති රැස්වීමකදී හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටිනවා. එම රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අලුත්ගමගේ මහතා මෙලෙසද පැවසුවා. 
 
ආණ්ඩුවේ දින 100 ඉවර වෙනකොට මේ රටට හා ජනතාවට දෙයියන්ගේ පිහිටයි. අපි පැරදිච්ච එක ගැනත් සතුටු වෙනවා. පැරදුනාම තමයි අපට දැනුණේ මිනිස්සු කවුද කියලා. දිනුවා නම් බුදු අම්මේ අපිව බදා ගන්න එනවා අපට පුදුම ආදරයක්. හැබැයි පැරදුනාම තමයි සැබෑපාක්ෂිකයෝ කවුද කියලා හොයා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ දින 100 තුළ අපි විපක්ෂයට ගිය එක ගැන සතුටු වෙනවා. මොකද ඩබල් ගේම්කාරයෝ කවුද කියලත් හොයාගන්න පුළුවන්. එහෙම කට්ටියක් තමයි දුවගෙන ගිහින් ඇමැතිකම් ගන්නේ.

Share this