Mar022015

සමිතාට කෝටි 18ක් ගෙවන්න අපි ළඟ සල්ලි නැහැ - BMICH කළමනාකාරීත්වය

වෛද්‍ය සමිතා සමන්මලීට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් තමන් සතුව නැති බව බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණශාලා කළමනාකාරිත්වය ප්‍රකාශ කරනවා. බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්‍ෂ ජනරාල් මල්ලිකා කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කරන්නේ තමන්ට වසරකට ලැබෙන ආදායම මිලියන 200 ක්‌ පමණක්‌ වන බවයි.

2008 වසරේ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණශාලා භූමියේදී සිදු වූ අනතුරක්‌ නිසා ආබාධිත තත්ත්වයට පත් වූ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය සමිතා සමන්මලී මෙනවියට කෝටි 18 ක වන්දියක්‌ ගෙවන ලෙස ඉකුත් 27 වැනිදා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ පාලනාධිකාරියට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

Share this

More Gossip News