ගාල්ල - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ පිටිවැල්ල ප‍්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක්, තරගයට ධාවනය කිරීමේදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහු මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවයි.
ගාල්ල - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ බූස්ස, පිටිවැල්ල ප‍්‍රදේශයේ දී පෞද්ගලික බස් රථ දෙකක් තරගකාරී ලෙස ධාවනයේ යෙදෙන ආකාරය මර්ගය අසල නිවසක ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබුණා.
එහිදී එක් බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී පා පැදියක ගමන් ගනිමින් සිටි අයකුද යටකරමින් අසල තාප්පයේ ගැටුණා. මෙම අනතුරට ලක්වුණේ රිජ්ජපුර සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක්.
එහි වීඩියෝව පහතින්...