TV announcers and actresses who raided how the raid

රූපවාහිනි නිවේදිකාවන් සහ නිළියන් සිටි ගණිකා නිවාසයක් වැටලු‍ හැටි

මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සුපිරි ගණිකා ජාවාරමක් වැටලීමට මුම්බායි නුවර ආරක්ෂක අංශ සමත්වී තිබෙනවා. රූපවාහිනී නිවේදිකාවන් තුන්දෙනෙකු ද මෙම ස්ථානයේ ගණිකා ජාවාරමේ නිරතවී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මුම්බායි නුවර ආරක්ෂක අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව උපාය දුතයකු යොදා වැටලීම සිදුකර තිබෙනවා. රූපවාහිනී නිවේදිකාවන් තුන්දෙනෙකු ද මෙම ගණිකා ජාවාරමේ නිරතවන බවට උපාය දුතයා යොදා කල විමර්ශණයේදී තහවුරු වීමෙන් පසු පොලිසිය එම ස්ථානය වටලා තිබෙනවා. 

එහිදී නිරූපිකාවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වී තිබෙනවා.  පොලිසිය හෙළිකරගෙන ඇත්තේ සමාජ මාධ්‍ය යොදා ගනිමින් නිරූපිකාවන්ගේ සහ නිළියන්ගේ ඡායාරූප හුවමාරු කර මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි. එක් අයෙකු වෙනුවෙන් මෙම ජාවාරම පවත්වාගෙන ගිය පුද්ගලයන් ඉන්දීය රුපියල් පනස් දහසක සිට රුපියල් ලක්ෂය දක්වා මුදලක් අයකරගෙන තිබෙනවා. මෙම ජාවාරමට සම්බන්ධවී ව්‍යාජ නම්වලින් පෙනී සිටි මහ මොළකරුවන් ද අත්අඩංගුවට ගත් බවයි  පොලිස් ප්‍රධානීන් සඳහන් කර ඇත්තේ.

ඉන්දියාවේ ජනප්‍රිය නිළියක්, ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවල විකාශනය වන අපරාධ සම්බන්ධ වැඩසටහනක් ඉදිරිපත් කරන්නියක් ඇතුලු‍ පිරිසක් අත්අඩංගුවට පත්වුවන් අතර වනවා. ලොව විවිධ රටවලින් පැමිණෙන ගනුදෙනුකරුවන් මෙම ගණිකා නිවාසයට පැමිණි ඇති බවටයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.

ඔවුන් අත්අඩංගුවට ගත් ආකාරය දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න. 

Share this