ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජන හද දිනා අදට වසරයි



ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී වසරක්‌ පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික උත්සවය අද (8 වැනිදා) ප.ව. 2.00 ට බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස්‌ ගෝපාල් ක්‍රිෂ්ණ ගාන්ධි මහතා සහභාගී වේ.

ඔහු ඉන්දියාවේ හිටපු බෙංගාල ආණ්‌ඩුකාරවරයාද වේ. එසේම ඔහු මහත්මා ගාන්ධි තුමාගේ මුණුබුරෙකුද වීම විශේෂයකි. එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කි මූන් මහතා 04-පිටුවට

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්‌ කරමින් නිකුත් කරන ලද පණිවිඩය එහිදී ප්‍රකාශයට පත් කිරීම එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුබනෙයි නන්දි මහතා විසින් සිදු කිරීමට නියමිතය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී විශේෂ දේශන දෙකක්‌ සිදු කිරීමට නියමිතය.

මෙයට අමතරව අද (8 වැනිදා) උදැසන 7.00 ට කළුතර බෝධීන් වහන්සේ අබියසදී ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදුකිරීම සහ බෝධි රාජයාණන් වහන්සේ වැඩවෙසෙන භූමිය බෝධි භාරකාර මණ්‌ඩලය වෙත පවරා දීම සිදුකෙරේ.

ඉන්පසු පෙරවරු 9.00 ට ගාලු මුවදොර පිහිටි බණ්‌ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්‌වීම ජනාධිපතිවරයා අතින් සිදුවෙන අතර පෙරවරු 9.00 ට කෝට්‌ටේ ශ්‍රී නාග විහාරයේදී මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේට පුෂ්පෝපහාර දැක්‌වීම සිදුකෙරේ.

පෙරවරු 11.00 ට ජනාධිපති මන්දිරයේදී "ජනපති හදබිම ජනපතිට කියන්න" වැඩසටහන ප්‍රකාශයට පත් කිරීමත් සංවර්ධන ඇගයීම් කාර්යාංශය විවෘත කිරීමත් ජනපතිවරයා අතින් සිදුකෙරේ.

හෙට (9 වැනිදා) ප.ව. 6.00 ට ශ්‍රී ලංකා නිදහස්‌ චතුරශ්‍රයේදී සංස්‌කෘතික සංදර්ශනයක්‌ද පැවැත්වෙයි


Share this