අනියම් බිරිඳ වෙඩි තබා ඝාතනය කර සාවද්‍ය මිනිමැරුමක් සිදුකළ බවට අනුරාධපුර මහා අධිකරණය හමුවේ වැරදිකරු වු හබරණ, හිරිවඩුන්න ප්‍රදේශයේ හිටපු විදුහල්පතිවරයෙකුට වසර 15ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම වී තිබෙනවා. අදාළ දඬුවම නියම කර තිබෙන්නේ අනුරාධපුර මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා විසින්.
2006 වසරේ ජුනි මස 4 වන දින හබරණ, හිරිවඩුන්න ප්‍රදේශයේ දී විත්තිකරු විසින් සිය අනියම් බිරිඳට වෙඩි තබා ඝාතනය කර සාවද්‍ය මිනි මැරුමක් සිදුකළ බවට නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව මහා අධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණා.
ඒ අනුව විත්තිකරුට දඬුවම් නියම කරමින් විවෘත අධිකරණය හමුවේ මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ විදුහල්පති තනතුරක සිටියදී මෙවැනි අපරාධ සිදුකිරීම බරපතළ තත්ත්වයක් බවයි. එය විදුහල්පතිවරුන්ගේ වෘත්තීය ගරුත්වයට සිදුකළ හානියක් මෙන්ම අවමානයක් බව ද මහා අධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ප්‍රකාශ කර තිබේ.
Adaderana.lk