ඇමැතිකමක් දෙයි කියල බයේ අපේම අය මට විරුද්ධව වැඩ කළා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වෙනවට මම කැමැති වුණේ නැහැ. පක්ෂයේ පිල් බෙදෙනවට කැමැති වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වුණොත් මේ රටේ පාවෙන ඡන්ද ඡන්ද සියයට 13ක් එක්සත් ජාතික පක්ෂයට යනවා. මහින්ද රාජපක්ෂ මහත්තයට මගේ විරෝධයක් නැහැ.

ඉතිහාසයේ අපට සිදු වූ දේවල් දන්නවනේ. මට අවශ්‍ය අපේ පක්ෂයේ හැමෝම එකතු වෙලා යන ගමනක්. මට ඇමැතිකමක් දුන්නා. ඒක භාර ගත්තෙ නැහැ. ඒකට අපේම අය කතාවක් හැදුවා. 
මම මහින්ද මහත්තයාට බොහොම ආදරෙයි. ගරු කළා. බණ්ඩාරනායකලටත් ගරු කළා. 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නා ජ්‍යෙෂ්ඨයා මම. මම අවුරුදු 21ක් පාර්ලිමේන්තුවේ. දිනුවොත් ඇමැතිකමක් දේවි කියන බියෙන් අපේම අය මට විරුද්ධව වැඩ කලා. මහ ලොකු විෂ බීජ ජනතාවගේ ඔළුවට දැම්මා. 

අපේ පක්ෂයේ බොහොම සුළු පිරිසක් හැර අනෙක් අය මට ඡන්දය දෙන්න එපා කියලා නොකියා කියලා තිබුණා. මම පැන්නේ නැහැ. ගියවරට වඩා මට මනාප ලැබිලා තිබුණා. මම පක්ෂයට ආදරෙයි. ඉදිරියටත් පක්ෂය දෙන වැඩක් කරගෙන ඉන්නවා. විශේෂයෙන් මැදවච්චිය ජනතාවට මම ස්තුති කරනවා. 

Share this