අසුන් අහිමි වූ හිටපු මැති ඇමතිවරුන් මෙන්න

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු හිටපු මැති ඇමතිවරුන් රැසකගේ මන්ත්‍රී ආසන අහිමි වී තිබෙනවා. ඒ අනුව කළුතර දිස්ත්‍රිකයෙන් එජනිස යටතේ තරඟ කළ මහින්ද සමරසිංහ මහතාට මෙවර පාර්ලිමේන්තුවට අසුන අහිමිවිය. මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කළ එජනිස හිටපු අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාටද පාර්ලිමේන්තු අසුන අහිමි වූ අතර එම දිස්ත්‍රික්කයේම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ හේමාල් ගුණසේකර මෙන්ම විජේ දහනායක මහතාගෙද පාර්ලිමේන්තු අසුන අහිමි වුණි.

කොළඹ දිස්ත්‍රික්කයේ සිට මාතර දිස්ත්‍රික්කයට ගොස් තරඟ කළ ජ.වි.පෙ. සුනිල් හඳුන්නෙත්ති මහතාටද පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි විය. එමෙන්ම එජනිස යටතේ අමාත්‍යධූර දැරූ පියසේන ගමගේ සහ ගුණරත්න වීරකෝන් යන මහත්වරුන්ද මෙවර පරාජයට පත්වුණි. එසේම මොනරාගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී විජිත් විජිතමුනිද සොයිසා මහතාට සහ ජගත් පුෂ්පකුමාර මහතාටද සිය පාර්ලිමේන්තු අසුන් අහිමිවීම විශේෂත්වයකි. 

බදුල්ල දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න සහ උදිත් ලොකුබණ්ඩාර යන මහත්වරුන් මෙවර පරාජයට පත්විය. මාතලේ දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍ය නන්දමිත්‍ර ඒකනායක , රෝහන දිසානායක යන මහත්වරුන්ටද පාර්ලිමේන්තු ආසන අහිමි වී තිබේ. මහනුවරින් තරඟ කළ එජනිස එස්.බී. දිසානායක මහතා සහ එරික් වීරවර්ධන මහතාද පරාජිතයින් අතරට එක්වී ඇත. 

එසේම පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරඟකළ චන්ද්‍රසිරි සූරියආරච්චි මහතාත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරුයෙකු වූ තිස්ස කරළියැද්ද මහතාත් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි විය. එම දිස්ත්‍රික්කයේම ඩ්බ්ලිව්.බී.ඒකනායක මහතාද මෙවර පරාජය වුණි.

පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කළ එජනිස දයාශ්‍රිත තිසේරා සහ නියෝමාල් පෙරේරා යන මහත්වරන්ද මෙවර පරාජයට පත්විය.

Share this