සමාජ ජාලවල අලෙවි කෙරෙන මවු කිරි ශරීරයට අහිතකරලු

විවිධ වෙබ් අඩවි හා සමාජජාල යොදාගනිමින් අලෙවි කරන මවු කිරි ශරීර සෞඛ්‍යයට අහිතකර බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන තිබේ. කායවර්ධන ව්‍යායාම්වල යෙදෙන්නන් හා විවිධ පූජා කර්ම වෙනුවෙන් මෙම මවු කිරි බොහෝ දෙනෙකු ඉල්ලුම් කර ඇති බවද එම විද්‍යාඥයන් පෙන්වා දෙයි. ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේ විද්‍යඥයන් පිරිසක් විසින් සිදුකළ පරීක්ෂණයකට අනුව පාස්චරීකරණය නොකළ මෙම කිරි හරහා අතිශය භයානක විෂබීජ රැසක් ශරීරගත වීමේ අවදානමක් පවතී.

මෙසේ දොවාගත් මවු කිරි පානය ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වර්ධනය කරවන්නක් බව පැවසුණත්, එය නොමග යවනසුළු ප්‍රකාශයක් බවද එම විද්‍යාඥයන් පෙන්වා දෙයි. එමෙන්ම, එකී කිරි පානය පිළිකා රෝගීන්ට අතිශය අහිතකර විය හැකි බවද එම විද්‍යාඥයන් පෙන්වා දෙයි. 

Share this