ලිංගික හිංසනයන්ට එරෙහිව ඇඳුමක්

කුබ්රා කාද්මි ඇෆ්ගනිස්‌ථානයේ කාබුල් නගරයේ නිර්භිත කලාකාරීනියකි. ඇය ඇෆ්ගන් කාන්තාවන්ට සිදුවන ලිංගික අඩන්තෙට්ටම් වලට එරෙහිව විරෝධය පෑමක් ලෙස නව කලා නිර්මාණය සිදු කොට තිබෙනවා.

ඇය තම නිර්මාණ හරහා කාන්තාවන් වෙනුවෙන් ප‍්‍රභල හඬක් නගන්නීයකි. තලේබාන් පාලන සමයේ ඇෆ්ගන් කාන්තාවන්ගේ මූලික අයිතීන් පවා කප්පාදු කෙරිණි. ඔවුන් වචනයේ පරිසමාප්ථාර්යෙන්ම කාන්තාව පුරුෂාධිපත්‍යයට ලක්‌ කළේය. ස්‌ත‍්‍රියකගේ මුහුණ පිටස්‌තරයකු දැකීම තහනම් විය. රැකියාව තහනම් විය.

පිරිමි ඥාතියෙකු නොමැතිව පිටතට යැම තහනම් විය. අවසානයේ ගැහැණුන් සිටින නිවෙස්‌වල ජනේල අඳුරු කළ යුතු විය. මෙයාකාරයේ නීති රීතිවලින් ඇෆ්ගන් කාන්තාව පිටස්‌තර ලෝකයාගෙන් හුදකලා තත්ත්වයකට පත් කළේය.

එදාට සාපේක්‌ෂව යම් සහනයක්‌ අද ඇෆ්ගන් කාන්තාවන්ට ලැබී ඇතත් ඇෆ්ගනිස්‌ථානය යනු කාන්තාවන් සඳහා අනාරක්‌ෂිත තැනක්‌ බව පසුගිය සමයේ බී. බී. සි. පුවත් සේවය වාර්තා කර තිබිණි.

මෙම කලාකාරිනිය කාන්තාවට සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව තම කලා නිර්මාණය ප‍්‍රදර්ශනය කරමින් නිර්භීත ලෙස වීදින්වල සැරි සැරු ආකාරය පහත රුප පෙළින් දැක ගත හැක.





Share this