කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මුල් කරගෙන මෙම තීරණයට එළැඹි බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසනවා.
මෙම ව්‍යාපෘතිය අත්හිටුවන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවීමට පෙර පැවැති ඡන්ද ප්රචාරක රැස්වීම්වලදී ජනතාවට පොරොන්දු ලබාදී තිබුණා.
එහෙත් පසුව පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසුවේ කිසිසේත්ම පෝර්ට් සිටි ව්‍යාපෘතිය නතර නොකරන බවයි.