වෙලේ සුදාගේ ගණිකාවන්ගෙන් කුඩු දුමින්දත් සැප විඳලා?

කොළඹ පිහිටි සුපිරි ගණිකා මඩමක් අසල දුමි හා වෙලේ සුදා අතර මුදල් ගණුදෙනුවක්! 

දවසින් දවස පුවත් මවන චරිතයක් බවට පත්ව සිටින අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්පොළ විතානලාගේ සමන්ත කුමාර නොහොත් ''වෙලේ සුදා'' කුඩු ජාවාරමෙන් යහමින් උපයාගත් මුදලින් අධි සුඛෝපභෝගී ජිවිතයක් ගතකර ඇති බව මේ වන විට අනාවරණ වෙමින් පවතිනවා.

ඔහු කුඩු ජාවාරම් පමණක් නොව කොළඹ පිහිටා තිබෙන සුපිරි තට්ටු නිවාසයකට රූමත් රුසියානු ගණිකාවන්  ගෙන්වාගෙන කම් සැප විදින්නට වියදම් කළ අන්දම පිළිබදව ද තොරතුරු එක්රැස් කරන්නට රහස් පොලීසිය විසින් වැඩි දුරටත් පරීක්ෂන පවත්වාගෙන යයි.


පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියකු සදහන් කළේ එම සුපිරි තට්ටු නිවාසයත් වෙලේ සුදාගේ මුදල්වලින් මිලදී ගෙන ඇති බවට සහ ගණිකා වෘත්තියේ යෙදවීම සදහා එම ස්ථානයට මාස්පතා ළගාවන රුසියානු ගණිකාවන්ට  මුදල් ගෙවීම සදහා වෙලේ සුදාගේ ගෝලයකු නිරන්තර සූදානමින් සිටි බවයි.

එමෙන්ම වෙලේ සුදා සමග කුඩු ජාවාරම්වලට හවුල් වී සිටි පාර්ලිමේන්තු මාන්ත්‍රී දුමින්ද සිල්වා අතර එම ස්ථානයේ දී ද මුදල් ගනුදෙනු සිදුවී ඇද්ද යන්න ගැන සෙවීම සදහා ඒහි ඇති සී.සී.ටී.වී කැමරා දර්ශන රහස් පොලීසිය මගින් පරික්ෂා කරගෙන යයි.

රහස් පොලීසිය විසින් වෙලේ සුදාගෙන් හෙළිකරගෙන ඇති තොරතුරු අනුව ඔහුගේ කුඩු ජාවාරම රටේ ව්‍යාප්ත කිරීමට ඔහු රුපියල් කේටි ගණන් වැය කර එවකට සිටි උසස් පොලිස් නිලධාරීන්ටද අවශ්‍ය සැප සම්පත් ලබාදුන් ආකාරය පිළිබද තොරතුරු අනාවරණය වී තිබේ.


කොළඹ පිහිටා තිබෙන මෙම සුපිරි නිවාසයේ සුපිරි ළදුන් සමඟ ඇසරට ආ ඇතැම් දේශපාලඥයන්ට සහ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන්ට වෙලේ සුදා විසින් අතදිග හැර මුදල් වියදම් කර ඇති බවට තහවුරු වී තිබේ.

Share this