ජනපති නම සහිත අත් ඔරලෝසුවක්

ජනාධිපතිවරණයේදී ඡන්ද ලබා ගැනීමේ අරමුණෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නම සටහන් කර ඇති අත් ඔරලෝසු තොගයක් මේ වනවිට ගෙන්වා ඇති බවට තහවුරු වන ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාල වෙබ් අඩවිවල ප්‍රචාරණය වනවා.

විවිධ භාණ්ඩ මහින්ද රාජපක්ෂ මහතාගේ නම සහ රුව සටහන් කර ලබා දීමේ සැළසුමක් පවතින බවත් ඒ අනුව අත් ඔරලෝසු කන්ටේනර් දෙකක් රැගෙන ඒමට නියමිත බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මීට පෙර අවස්ථාවකදී හෙළි කර තිබුණි. 

ගෘහ උපකරණවල සිට යතුරු පැදි දක්වා විවිධ භාණ්ඩ බෙදා දුන් රාජපක්ෂ පාලනය ජනාධිපතිවරණය ආසන්නයේ මෙම අත් ඔරලෝසු බෙදා දීමට සූදානම් කර තිබේ.  


Share this