දහසය හැවිරිදි සිය වැඩිමහල් දියණිය වස පානය කිරීම නිසා කලකිරීමට පත් වූ ඇල්පිටිය තල්ගස්වල ප්‍රදේශයේ මවක දස හැවිරිදි බාල දියණිය ද සමඟ පෙරේදා (15 වැනිදා) සවස ළිඳට පැන සිය දිවි හානි කරගෙන ඇත.
16 හැවිරිදි දියණිය වස පානයකර ඇත්තේ ෆේස්බුක් වෙබ් අඩවිය හරහා දැන හඳුනාගත් පෙම්වතා පේ‍්‍රම සම්බන්ධතාව නතර කිරීම නිසා ඇති වූ කලකිරීමෙන් බව පරීක්ෂණවලින් හෙළි වී ඇත.
පෙරේදා (15 වැනිදා) දහවල් වස පානය කිරීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන වැඩිමහල් දියණිය මේ වනවිට ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙසේ මියගොස් ඇත්තේ 36 හැවිරිදි වීරසිංහ ප්‍රියන්ති සහ දස හැවිරිදි නානායක්කාරවසම්ගේ ගිත්මි නමැති ඇගේ බාල දියණියයි.
දහසය හැවිරිදි දියණිය පිටිගල වත්තෙහේන මහා විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ පංතියේ අධ්‍යාපනය ලබමින් සිට ඇත. ඇය ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය ඔස්සේ තරුණයකු දැන හඳුනාගෙන ඔහු සමඟ පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ.
අසල්වැසි නිවසක පරිගණකයක මාර්ගයෙන් ඇය නිතරම ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ පෙම්වතා සමඟ කතා බස් කර ඇත.
කාලයක් පැවැති පේ‍්‍රම සම්බන්ධතාව පෙම්වතා විසින් නතරකර දමා ඇත්තේ මේ අතරතුරදීය. මෙම සම්බන්ධය නතර කරන ලෙස මවද ඇයට නිතර අවවාද කර තිබිණි.
පේ‍්‍රම සම්බන්ධතාව බිඳීයැම නිසා දැඩි ලෙස කලකිරීමට පත්වූ ඇය දින කීපයක් තිස්සේ කල්පනා කරමින් කාලය ගත කර තිබේ.
පෙරේදා දහවල් මව නිවසේ නොමැති අවස්ථාවක වැඩිමහල් දියණිය වස පානය කර ඇත. තම සොහොයුරිය වස පානය කර ඇති බව දැනගත් බාල සොහොයුරිය ඒ පිළිබඳව අසල්වාසීන්ට පවසා තිබේ.
පසුව අසල්වාසීන් විසින් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දහසය හැවිරිදි දියණිය රෝහල් ගත කර ඇත.
තම වැඩිමහල් දියණිය වස පානය කර ඇති බව මව දැනගෙන ඇත්තේ එදින සවස නිවසට පැමිණීමෙන් පසුවය. පුවත සැලවීමෙන් පසු දැඩි කම්පනයට පත්වූ මව විලාප නඟා හඬා වැටී ඇත.
දැඩි සිත් වේදනාවෙන් පසුවූ ඇය බාල දියණිය ද සමඟ නිවස පිටුපස ඇති ළිඳට පැන ඇත්තේ ඉන් පසුවය. මව සහ දියණිය නිවසේ නොමැති බව දැනගත් අසල් වාසීන් ඔවුන් පිළිබඳව විමසිලිමත් වී ඇත.
මව සහ දියණිය ළිඳට පැන සිය දිවි හානිකරගෙන ඇති බව අසල්වාසීන් දැක ඇත්තේ සෑහෙන වේලාවකට පසුවය.
සියදිවි හානිකර ගත් දෙදරු මවගේ සැමියා මීට වසර අටකට පමණ උඩදී ඇගෙන් වෙන්වී ගොස් ඇත. පසුව ඇය තම දියණියන් දෙදෙනාද සමඟ පිටිගල තල්ගස්වල නිවසේ ජීවත් වූවාය.
තම කුඩා තේ ඉඩමෙන් ලැබෙන ආදායමෙන් දරුවන් දෙදෙනා පාසල් යෑවීමට ඇය කටයුතු කර තිබේ.
පිටිගල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.