Showing posts with label local. Show all posts
Showing posts with label local. Show all posts

උතුරේ පොලිස් ස්ථානවලට ප්‍රහාරයක් ? නිර්නාමික ඇමතුම ගැන පුළුල් පරීක්ෂණ


උතුරු  පළාතේ පොලිස් ස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ල කරන බවට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබී ඇති බව වාර්තා වනවා. 

කන්කසන්තුරේ පොලිස් ස්ථානයට පසුගිය 11 වනදා දහවල් 1.15ත් 1.20ත් අතර කාලයේදී මෙම ඇමතුම ලැබී ඇති බවත් උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ල කරන බවත් ඉන් කියැවී තිබෙනවා. 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් දක්වන බවයි. 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා. 


Go save a life mistake but was not drunk

ජීවිතයක් බේරාගැනීමට ගොස් වරදක් වුණා - ඒත් බීලා හිටියේ නෑ - විජිත හේරත්

තමාගේ අතින් අනතුරක් සිදුවූ බව පිළිගන්නා නමුත් තමන් මත්පැන් පානය කර රිය පැදවූ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජවිපෙ පා.ම විජිත හේරත් මහතා පවසයි.

මත්පැන් පානය කර රිය පදවා අත්අඩංගුවට පත්වූ බවට පළවන වාර්තා ගැන අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් එම අවස්ථාවේ මත්පැන් පානය කර සිටි බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන්ද තහවුරු කර නැති බවයි.

ඒ අනූව වෛද්‍ය වාර්තාවෙන් ද තමන් නිර්දෝෂී බව තහවුරු කර ඇති බවත්, පොලීසිය ද තමන් මත්පැන් පානය කර සිටි බවක් මෙතෙක් පවසා නැති බවත්, මන්ත්‍රීවරයා පැවසුවේය.

පාර හරහා පැනීමට ගිය පුද්ගලයෙකු බේරීමට යාමේදී ඊයේ රාත්‍රී මෙම අනතුර සිදුවූ  බවද, අනතුරු සිදුවීම ස්වභාවික බවද, මෙම සිදුවීමට අදාළව තමාට එරෙහිව නඩු පැවරෙන බවද, කියා සිටි ඒ මහතා එසේ වුවද මත්පැන් පානය කර තමන් කිසිවිටෙකත් රිය පදවා නැතැයිද අනාවරණය කළේය.

එම අවස්ථාවේ අවට පොලිස්නිලධාරීන් හෝ වෙනත් අය නොසිටි නිසා විජිත හේරත් මහතාම සිය දුරකථනයෙන් පොලීසියට අමතා අනතුර සම්බන්ධයෙන් දැනුම් දී එම ඉස්තානයට පොලීසය ගෙන්වාගෙන ඇත.

එකී අනතුරින් අදාළ පුද්ගලයාට මෙන්ම තමාට ද හානියක් නොවුණ නමුත් දුරකථන කුළුණකට හානි සිදුවූ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.














Sri Lanka prepares for compensation ICC

අයි.සී.සී.යෙන් වන්දියක්‌ ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සැරසෙයි

කුසල් පෙරේරාගේ තහනම් උත්තේජක චෝදනාව ප්‍රතික්‌ෂේප වීමෙන් ඔහු නිදහස්‌ වුවත් මූල්‍යමය අතින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට සිදුවු පාඩුව සම්බන්ධව ඉදිරියේදී අයි.සී.සී.ය සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතා බලාපොරොත්තුවෙන් සිටියි.

"අපි මේ ගැන අයි.සී.සී.ය සමඟ සාකච්ඡා කරනවා. විශේෂයෙන් අපිට මිලියන 13 ක්‌ පමණ කුසල්ගේ පරීක්‍ෂණ කටයුතු සඳහා වියදම් වුණා. ඒක ලබා ගැනීමට හෝ කළ හැක්‌කේ කුමක්‌ද යන්න අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා." යෑයි සුමතිපාල මහතා පවසයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසන්නේ මෙවැනි අදහසකි.

"අතින් පයින් ගහගෙන මේ ප්‍රශ්න විසඳන්න බැහැ. මොකද අපි කුසල්ව නිදහස්‌ කර ගත්තා වගේ ඉතිරි ටිකත් මොළේ කල්පනා කරල විසඳගන්න ඕන. මම ඒ සම්බන්ධව ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතාට කටයුතු කරන්න අවස්‌ථාව දීලා තියෙනවා. ක්‍රිකට්‌ ආයතනය තමයි ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ." යනුවෙන් ඇමැතිවරයා පවසයි.

උපුටා ගැනීම - දිවයින පුවත්පත

Kushal rhythm comes to England

කුසල් රිද්මයට ආවොත් එංගලන්තයට 
තහනම් උත්තේජක චෝදනාවෙන් නිදහස්‌ වූ කුසල් ජනිත් පෙරේරාගේ ශරීර යෝග්‍යතාව සහ වත්මන් දක්‍ෂතාව සලකා බලා එංගලන්ත සංචාරයේ එක්‌දින තරගාවලියට හෝ ඊට පෙර කණ්‌ඩායමට ඇතුළත්විය හැකි බව ක්‍රිකට්‌ තේරීම් කමිටු සාමාජිකයකු "දිවයින" කළ විමසීමකදී පැවසීය.

මාස හයක්‌ කිසිදු ක්‍රිකට්‌ තරගයකට හෝ පුහුණුවීම්වල නිරත නොවී සිටි කුසල් පෙරේරා තහනම් උත්තේජක චෝදනාවෙන් නිදහස්‌වීමෙන් පසුව යළිත් සිය පුහුණුවීම් කටයුතු ඊයේ (13 දා) සිට ආරම්භ කළේය.

ඒ අනූව එංගලන්තයේ සංචාරය කරන ශ්‍රී ලංකා කණ්‌ඩායමට කුසල් පෙරේරාව ඉදිරියේදී ඇතුළත් කිරීමට කිසිදු ප්‍රශ්නයක්‌ නොමැති වුවත් ඔහුගේ වත්මන් දක්‍ෂතාව සහ ශරීර යෝග්‍යතාව පරීක්‍ෂා කර බලා තරගාවලිය අතරමගදී කණ්‌ඩායමට එක්‌වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ක්‍රිකට්‌ තේරීම් කමිටු සාමාජිකයකු "දිවයිනට" වැඩිදුරටත් පැවසීය.

"කුසල්ට අවස්‌ථාව තියෙනවා එංගලන්ත තරගාවලියේ මැද හරියේදී කණ්‌ඩායමට එකතු වෙන්න. ටෙස්‌ට්‌ තරගාවලිය කෙසේ වෙතත් ඔහු සුපුරුදු රිද්මයට පැමිණියොත් එක්‌දින තරගාවලියේ සිට ක්‍රීඩා කරයි. එක්‌දින තරගාවලිය ආරම්භ වීමට පෙර පුහුණු තරග කිහිපයක්‌ තිබෙනවා. එහිදී කුසල්ගේ තත්ත්වය හොඳින් පරීක්‍ෂා කිරීමට හැකියාව තියෙනවා." යනුවෙන් ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ විශ්වාසය වී තිබේ.

මේ සම්බන්ධව කුසල් පෙරේරා පවසන්නේ, "මම හැකි විදිහට මගේ ශරීර යෝග්‍යතාව පසුගිය කාලයේදී පවත්වා ගත්තා. නමුත් සුපුරුදු "ෆෝම්" එකට එන්න මට ඉක්‌මනින් හැකි වෙයි කියල විශ්වාස කරනවා. ඒ ගැන තමයි අවධානය යොමු කරන්නෙ. ඊට පස්‌සෙ මම සුදුසුනම් කණ්‌ඩායමට ඇතුළත් කරයි." යනුවෙනි.


උපුටා ගැනීම - දිවයින පුවත්පත

Namal Rajapakshas 30th Birthday Celebration

නාමල් 30 සමරපු හැටි 
------------------------------------
හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතාගේ උපන් දිනය අද (10) දිනට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. ඊයේ එතුමන්ට ආශීර්වාද කිරීමේ පිංකමක් තිස්සමහාරාම නැදිගම්විල. විල්පිට රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි. බෝධි පුජා පිංකම හා කාව්‍යමය ධර්මදේශනය පුජ්‍ය මානකඳුරේ පඤ්ඤාසාර හිමියන් විසින් පැවැත්විය. මේ අතර මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන කුඩා දරුවන් වෙනුවෙන් තෑගී බෝග ලබාදීමක්ද සිදු කෙරිණි. ඡායාරූප සියල්ල පහතින්.

























New Year auspicious

අලුත් අවුරුදු නැකැත් පත්‍රය
=================================
පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 13 වැනි බදාදා දින කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 13 වැනි බදාදා දින අපරභාග 07.48 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වැනි බදාදා අපර භාග 01.24 සිට 14 වැනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.12 දක්වා පුණ්‍ය කාලය යෙදේ.

ආහාර පිසීම
අප්‍රේල් මස 13 වැනි බදාදා අපර භාග 08.06 ට ළා කොළ පැහැති (පලාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා එළකිරි මිශ්‍ර කිරිබතක් ද මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 13 වැනි බදාදා අපර භාග 08.54 ට ළා කොළ පැහැති (පලාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම
අප්‍රේල් මස 16 වැනි සෙනසුරාදා පූර්ව භාග 10.41 ට බටහිර දිශාව බලා හිසට නුග පත්ද, පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල තෙල් සහ නුග පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 18 වැනි සඳුදා පූර්ව භාග 06.27 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දී කිරි හා ගිතෙල් මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභවකර නැ‍ඟෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.

සැ.යු. -
ඉහත නැකැත් වේලාවන් සකස් කර ඇත්තේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අවුරුදු නැකැත් කමිටුව විසිනි.