තමාගේ අතින් අනතුරක් සිදුවූ බව පිළිගන්නා නමුත් තමන් මත්පැන් පානය කර රිය පැදවූ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජවිපෙ පා.ම විජිත හේරත් මහතා පවසයි.
මත්පැන් පානය කර රිය පදවා අත්අඩංගුවට පත්වූ බවට පළවන වාර්තා ගැන අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් එම අවස්ථාවේ මත්පැන් පානය කර සිටි බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන්ද තහවුරු කර නැති බවයි.
ඒ අනූව වෛද්‍ය වාර්තාවෙන් ද තමන් නිර්දෝෂී බව තහවුරු කර ඇති බවත්, පොලීසිය ද තමන් මත්පැන් පානය කර සිටි බවක් මෙතෙක් පවසා නැති බවත්, මන්ත්‍රීවරයා පැවසුවේය.
පාර හරහා පැනීමට ගිය පුද්ගලයෙකු බේරීමට යාමේදී ඊයේ රාත්‍රී මෙම අනතුර සිදුවූ බවද, අනතුරු සිදුවීම ස්වභාවික බවද, මෙම සිදුවීමට අදාළව තමාට එරෙහිව නඩු පැවරෙන බවද, කියා සිටි ඒ මහතා එසේ වුවද මත්පැන් පානය කර තමන් කිසිවිටෙකත් රිය පදවා නැතැයිද අනාවරණය කළේය.
එම අවස්ථාවේ අවට පොලිස්නිලධාරීන් හෝ වෙනත් අය නොසිටි නිසා විජිත හේරත් මහතාම සිය දුරකථනයෙන් පොලීසියට අමතා අනතුර සම්බන්ධයෙන් දැනුම් දී එම ඉස්තානයට පොලීසය ගෙන්වාගෙන ඇත.
එකී අනතුරින් අදාළ පුද්ගලයාට මෙන්ම තමාට ද හානියක් නොවුණ නමුත් දුරකථන කුළුණකට හානි සිදුවූ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.