No bus halt to Godagama Town

ගොඩගම සිට කොළඹ එන මගීන්ට මගී ආවරණයක් නැතිව අසීරුතාවක

සීග්‍රයෙන් දියුණුවෙමින් පවතින ගොඩගම නගරයේ සිට කොළඹ දෙසට ධාවනය බස් නවතනු ලබන ස්ථානයට මගී ආවරණයක් නොමැති වීමෙන් මගීන් මහත් හිරිහැරයට පත්ව ඇති බව වාර්තා වනවා. අව්වෙන් වැස්සෙන් ආරක්ෂා වීම සඳහා මගීන් ගොඩගම නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල භාවිත කරන බවයි මගීන් පවසන්නේ. 
එහි අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් එම ස්ථානයේ රැඳී සිටීම අනතුරුදායක බව දැක්වෙන දැන්වීම් පුවරු අලවා තිබුණත් මගීන්ට වෙනත් විකල්පයක් නොමැති නිසා මෙම ස්ථානය අනතුරු සහිත බව දැන දැනත් භාවති කරන බවයි මගීන් පවසන්නේ. 
ගොඩගම හරහා පිටකොටුව දක්වා ධාවනය කෙරෙන සියලුම බස් රථ මෙම ස්ථානහේ නවතනු ලබන අතර මෙම ස්ථානයෙහි උදේ සහ දහවල් පාසල් ළමුන්ගෙන්ද පිරි පවතී. 
ජනතාව බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ ඊට මදක් ඔබ්බෙන් වූ දැනට දිරාපත් වෙමින් පවතින පැරණි පොලිස් මුරපොල මගී ආවරණයක් ලෙස පිළිසකර කර සකසා දෙන ලෙසයි. එසේම බස් රථ රියැදුරන් මැසිවිලි නගන්නේ නගරයේ ඉන්ධන පිරවුම් හල අසල බසය නවතා මගීන් නංවා ගැනීමේදී පොලීසිය විසින් රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවත් මගීන්ගෙන් බැනුම් ඇසීමට සිදුවන බවත් ය. 

ඉන්ධන පිරවුම්හල අසල රැඳී සිටීම අනතුරුදායක බව හඟවමින් ප්‍රදර්ශනය කර ඇති දැන්වීම. 
බස් නැවතුමක් නොමැතිව සිටින මගීන්

දිරාපත්වෙමින් පවතින පැරණි පොලිස් මුරපොළ


සටහන හා ඡායාරූප - ප්‍රියංගි ඒ. ජයසිංහ

Share this