සිවු නිවුන් දරු උපතක් පසුගිය දා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී සිදු විය. සති 28 දී බිහිවන්නට සංකූලතා ඇතිව තිබිය දී මව සති 31 දක්වා ගර්භාෂයේ දරුවන් නීරෝගීව රඳවා ගැනීමට කටයුතු කළාය. ලංකාවේ ප්‍රථම වරට ගර්භාශ සංකූලතා අවම කිරීමට මුඛයෙන් ලබා දෙන ඖෂධ යෝනි මාර්ගය හරහා ලබා දීමෙන් දරුවන් සති 31 ක් සාර්ථකව ගර්භාෂය තුළ රඳවා ගැනීමට හැකිවිය. සති 28 දී දරුවකු ගේ බර කිලෝවට අඩුව පැවැති අතර දරු සිවු දෙනාම සති 31 දී කිලෝවට වැඩි බරකින් යුක්ත විය.
මව සෞම්‍යා සඳමාලි නීරෝගීව පසුවන අතර පසුගිය 25 දා සවස 4.37, 4.38,4.40,4.41 වශයෙන් මෙම දරුවන් බිහිකිරීමේ සිසේරියන් සැත්කම සිදු කරන ලද්දේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ජගත් ප්‍රේමදාස මහතාය. සාලියවැව , කන්ද උඩ පදිංචි 24 හැවිරිදි සෞම්‍යා සඳමාලි හා තිස්තුන් හැවිරිදි අසංක සම්පත් මවුපිය දෙපළ සිය දරු පැටවුන් තුරුලේ හොවාගෙන සිය අදහස් පළ කළේ මේ තරම් සතුටක් තවත් අපට නැතැයි පවසමිනි. මොන බාධක ආවත් අපි නිවුන්දරුවන් හදා වඩා ගන්නවා යි ඔව්හු පැවසූහ.
මෙම දරුවන් මෙලොවට බිහිකිරීමේ දී ළමා රෝග විශේෂඥ වෛද්‍ය උදයද සිල්වා ඇතුළු කාර්ය මණ්ඩලය හා නව ජන්ම හා ළදරු රෝග විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ එකමුතුව කටයුතු කිරීම මෙහි දී වැදගත් කරුණක් වූ බව වෛද්‍යවරු සඳහන් කළහ.මේ දරුවන්ට ඔබටත් ආධාර කළ හැකිනම් කොමෂල් බැංකුවේ 8530024625දරන ගිණුමට පරිත්‍යාග කරන්න.