Jan212016

වකුගඩු ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 6 කට ඉන්දියාවෙන් චෝදනා

වකුගඩු ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හය දෙනකුට එරෙහිව ඉන්දීය පොලිසිය විසින් චෝදනා ගොනු කර ඇත. මෙම වෛද්‍යවරුන් හය දෙනා කොළඹ ප්‍රධාන රෝහල් හතරකදී වකුගඩු බද්ධ කිරීම් 60 ක්‌ සිදු කර තිබේ. මෙකී වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුවෙකු වූ සුරේශ් ප්‍රජාපති සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනා ඉන්දීය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මේ බව "හින්දු" පුවත්පත හෙළි කර තිබේ.

සුරේශ් ප්‍රජාපතිගේ තවත් සහායකයකු වූ දිලිප් උමේද්මල් ද අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අහ්මදාබාද්හි වෛද්‍ය සායනයකදී වකුගකුඩු ලබාදුන් අයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පරීක්‍ෂණ කිරීමට සහාය වී තිබේ. සදාචාරයට පටහැනි ලෙස වකුගඩු බද්ධ කිරීමේ චෝදනාව ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට එල්ල වී ඇත. මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ ජෙනු හුන්රාඡ් නමැත්තාද අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය පොලිසිය කියයි.

එම ජාවාරම මෙහෙය වූ ප්‍රජාපති නමැත්තා හයිද්‍රාබාද් නුවරට පැමිණ ජෙනු හුන්රාඡ් හමුවීමට තැත් කළ අවස්‌ථාවේ අල්ලා ගත් බව පොලිස්‌ අධිකාරී වින්රට්‌ ජින් පැවසීය.

Share this

More Gossip News