ගෙනාවොත් ගහලා පන්නනවා - පැත්ත පළාතක ගේන්න එහෙම එපා - හිටපු ජනපතිනියගෙන් මන්ත්‍රීවරයකුට දෝස්මුරයක්

තමා මේ වන විටත්, ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් වූ සියලු දේ පිළිවෙළක් කර ගනිමින් සිටින බවත්, තවත් කතා කිරීමට ඇත්තේ ඔබතුමිය සමඟ පමණක් බවත්" පවසමින් නිශ්ශංක සේනාධිපති තමාව මුණගැසීමට මන්ත්‍රිවරයෙක් අත තමන්හට පණිඩුව එවූ බවත් පැවසූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඔහුව පැත්ත පළාතක ගෙන්නුවොත් ගහලා පන්නනවා යැයි කියමින් එම හමුවීම තරයේ ප්‍රතික්‍ෂේප කළ බවත් කියා සිටියාය.

කුමාරතුංග මහත්මිය මේ සඳහන කළේ මෝදර පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. ඇවන්ගාඩ් සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය නිශ්ශංක සේනාධිපති යනු හමුදාවේ සිට හොරකම් කළා යැයි දෙවරක්ම ඉවත් කළ පුද්ගලයකු බවද අනාවරණය කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාරතුංග මහත්මිය මෙසේද පැවැසුවාය. ඇවන්ගාඩ් එකේ මාසෙකට ලබන ලාභය මිලියන 430ක් ගෝඨාභය රාජපක්‍ෂ නාවික හමුදාවට බල කරලා, එයයි මොහාන් පීරිසුයි අධ්‍යක්‍ෂ ධුරය දරපු කොම්පැනියක් හොරට හදාගෙන කරපු බිස්නස් එකක් ඒක. ඒකට හමුදාවෙන් දෙපාරක් හොරකම් කළා කියලා පන්නපු කෙනෙක්ව ගෝඨාභයගෙ යාළුවෙක් කියලා ගෙන්නලා සභාපති කළා. එයා තමයි ඔය සේනාධිපති කියන්නෙ.

මේ මනුස්සය දැන් ඇවන්ගාඩ් එක ගැන පරීක්‍ෂණ කරන කොට ඒ පරීක්‍ෂණ කරන ඒ. එස්. පී. ට ගිහින් කියලා තියෙනවා රුපියල් මිලියන 100ක් දෙන්නම් මේක නවත්තන්න කියලා. හැබැයි ඒ ඒ. එස්. පී. ඒක එපා කියලා දිගටම පරීක්‍ෂණ කළා. ඇත්තටම අනාගතේ එකී ඒ. එස්. පී. ව රටේ ජාතික වීරයෙක් කරන්න ඕනෑ. ඒ තරමට වීර ක්‍රියාවක් එයා කළේ.

මේ සේනාධිපති කියන පුද්ගලයා ඊළඟට කිව්වා රජයේ මේ ගැන කෑගහපු ඇමැතිවරුන් ටික හම්බ වෙන්න ඕනෑ කියලා. මටත් අපේ මන්ත්‍රිවරියක් අතේ පණිවුඩයක් එවලා තිබුණා. "දැන් ඔක්කොම අපි සෙට්ල් කරගෙන ඉන්නෙ. මැඩම් විතරයි මේකට කතා කරන්න ඕන. මැඩම්ව හම්බ වෙන්න ඕනෑ" කියලා. මම එවිට කිව්වා "පැත්ත පළාතක ආවොත් ගහලා පන්නනවා. ගේන්න එහෙම එපා කියලා.

Share this