එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් පවත්වනු ලබන දකුණු ආසියානු පරිසර සමුළුව සඳහා දඹාන ආදිවාසී නායක උෟරුවරිගේ වන්නියලැන්තන් තායිලන්තයේ බැංකොක් නුවර බලා යෑමට නියමිතය. කටුනායක ගුවන් තොටුපොළින් ULK882 දරන ගුවන් යානයෙන් වන්නියලැත්තන් අද (6දා) බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.
මේ සමුළුවට උෟරුවරිගේ වන්නියලැත්තන් සමඟ හය දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වේ. වන සංරක්ෂණ ජනරාල් අනුර හතුරුසිංහ මහතාද වන්නියලැත්තන් සමඟ මෙම සමුළුවට සහභාගි වේ. කලාපීය වශයෙන් වනාන්තර සුරක්ෂිත කිරීමට ආදිවාසීන් සහ පරිසර සංවිධානවල අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙම සමුළුවේදී සිදුවේ.
ලෝකයේ අවධානයට යොමු වී ඇති දේශගුණික විපර්යාසයන් පිටු දැකීම උදෙසා වනාන්තර සංරක්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළට ශ්රී ලංකාවේ ආදිවාසීන්ගේ යෝජනා කිහිපයක්ද සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේ සමුළුවට ලෝකයේ ආදිවාසී ජනතාව නියෝජනය කරමින් රටවල් 42ක ආදිවාසී නායකයෝ සහභාගි වෙති. මෙම සමුළුව මැයි මස 7,8 යන දිනයන්හිදී පැවැත්වේ.