පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා එම සිසුවාගේ මවගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇය සමග ලිංගිකව හැසිරීමට තැත් කිරීම ඇතුළු අධි චෝදනා 4 ක් යටතේ නඩු පවරා තිබූ කොට්ටාව ආනන්ද මහ විදුහලේ හිටපු විදුහල්පති එම්. ජී. ධර්මදාස මහතා ඊයේ(12) කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය ඉදිරියේ තමන් වරද පිළිගත්තා. ඒ අනුව දඬුවම් පැනවීම ලබන පහළොස්වනදා සිදු කිරීමට නියමිතයි.
2013 අගෝස්තු 30 වැනිදා සහ 2013 සැප්තැම්බර් 14 වැනිදා කාලය අතරතුරදී 2014 වසරේ පළමු ශ්‍රේණියට සිසුවකු ඇතුළත් කර ගැනීමට එලෙස ලිංගික අල්ලස් ඉල්ලා සිටියේ යැයි කියන විත්තිකාර හිටපු විදුහල්පතිවරයාට එරෙහිව ගොනුකර ඇති එම නඩුවේ චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂි 15 ක් හා නඩු භාණ්ඩ 18 ක් ඉදිරිපත් කිරීමට ලැයිස්තු ගතකොට තිබුණා.
මහානාම ගීගනගේ ධර්මදාස නැමැති විත්තිකරු පැමිණිකාර මව වේරහැර ප්‍රදේශයේ ලැගුම්හලකට කැඳවාගෙන ගොස් කාමරයක් තුළ සිටියදී ලද තොරතුරක් අනුව වහාම ක්‍රියාත්මක වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.