May132015

පියා පැදවූ බසයට දියණිය යටවෙයි

බද්දේගම, හැම්මෑලිය ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවියක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ 2 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක්. සිය පියාට අයත් බස් රථයකින් පාසල වෙත පැමිණෙමින් සිටියදී ඇය මෙම අනතුරට ලක්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

හදිසියේ තිරිංග තද කිරීමේදී බස් රථය තුළ සිටි දැරිය ඉන් ඉවතට විසිවී බසයේ පිටුපස රෝදයට යටවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ. 












Share this

More Gossip News