May182015

ජනපතිගෙන් කවියට කවියෙන් පිළිතුරක් !

හොබවන මුල් පුටුව මැද හෙද මඩුල්ල
හිමි යන ගමන මට සතුටකි දැකිල්ල
මොන මොන ගැටුම් තිබුණත් මැඬ සියල්ල
පදවන අත ඔබය ජාතික තොටිල්ල

ඊයේ (17) දිවයින ඉරිදා සංග්‍රයේ පළවූ, එම පුවත්පතේ හිටපු කර්තෘ ගාමිණී සුමනසේකර ශූරීන් විසින් විරචිත ඉහත කවිය දුටු සුප්‍රසිද්ධ කවියෙකු වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට පිළිතුරක් ලියා පසුව එය විසිකර දමා තිබියදී කාර්යාල සහායකයෙකු විසින් එය අපවෙත එවා තිබේ.

පහතින් පළවන්නේ ජනාධිපතිතුමාගේ පිළිතුර කවියයි.

ජාතික තොටිල්ලෙන් පන්නපු හොරු රැළට
නැවතත් මුළු රටම බිලි දෙන්නේ කුමට ?
යළි හොරු රජ වුණොත් සැඟවී කහවතට
අබ අරමෙන් අබ සරණයි සිරිලකට !!


Source - www.gossiplankapolitical.com

Share this

More Gossip News