බස්නාහිර පළාත් සභා මන්ත්රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවියට මීළග මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට අවශ්‍යයැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන්ගෙන් දන්වා ඇතැයි වාර්තා වේ.
ඇයට ඒ සදහා ආසනයක් අවශ්‍ය බවට ද ඔවුන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඇය ඉල්ලා සිටින ආසනය වන්නේ සිය පියාගේ බල කොටුව වූ කොළොන්නාව බවද පැවසේ.දැනට කොළොන්නාව ශ්‍රීලනිප ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාය.
මේ සම්බන්ධයෙන් ශ්රීලනිපය ඇතුළේද පසුගිය දිනවල දීර්ඝ සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති අතර ඒ අනුව දුමින්දට අවිස්සාවේල්ලත්, හිරුණිකාට කොළොන්නාවත් ලබාදීමට අවධානය යොමුව ඇති බවද ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
හිරුනිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත්කරනු ලැබුවේ ද ඇය විසින් පසුගිය කාලයේදී ශ්‍රිලනිප ප්‍රධානීන් සමග හිත් අමනාපෙන් සිටීම නිසා බව මේවන විට ප්‍රසිද්ධ රහසක් වී තිබේ.