යුද්දෙට නැති ජාතික ආණඩුව කොස් කොටන්නද?

- පළාත් සභා මන්ත්‍රීනි සමන්මලී සකලසූරිය 

මේ ජාතික ආණ්ඩුව ගැන කියන්න මට නම් වචන නෑ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ කාලෙත් මේ ජාතික ආණ්ඩු සංකල්පය ඇති කරන්න විවිධ උත්සාහ ගත්තා. ඒ යුද්ධය අවසන් කරන්න අවශ්‍ය සහයෝගය ලබාගන්න. හැබැයි එදා එක්සත් ජාතික පක්ෂය ඒකට විරුද්ධ වුණා. අද කුමන හෝ හේතුවක් මත ජාතික ආණ්ඩුව බිහිවෙලා තියෙනවා. යුද්දෙට නැති ජාතික ආණ්ඩුව කොස් කොටන්නද? අවුරුදු 30ක් තිබිච්ච ත්‍රස්තවාදය විනාශ කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ජාතික ආණ්ඩුවට එකඟ වුණේ නැහැ. අද එකඟ වෙලා තියෙනවා. ඒක තමයි ලොකුම විහිළුව. යහපාලනය මේකද කියල තමයි අපට කියන්න තියෙන්නේ. 


Share this