Mar112015

රන්ජන් තනියම උපන්දිනේ සමරපු හැටි - වීඩියෝ සහිතයි

ඉන්ටර්නෙට් එකේ අයටත් ස්තූති කරලා

රන්ජන් රාමනායක කියන්නේ අපේ රටේ කා අතරත් මේ වෙනකොට කතා බහට ලක්වෙන චරිතයක් වෙලා ඉවරයි. මොකද රංගනයට වගේම මේ වෙනකොට දේශපාලනේටත් ඔහු සම්බන්ද වෙලා තියෙන නිසා මිනිස්සු අතරට ගිහින් ඔවුන් එක්ක ගණුදෙනු කරන්න දැන් වැඩි අවස්ථාවක් ඔහුට ලැබිලා තියෙනවා

මේ හැමදේම අතරේ ඔහුගේ උපන්දිනයත් අදට (11) යෙදිලා තියෙනවා. 

ඒ වෙනුවෙන් විශේෂ පණිවුඩයක් දෙන්න ඔහු මේ වෙනකොට කටයුතු කරලා තියෙන්නේ තමන්ගේ ෆෙස්බුක් ගිණුම ඔස්සේමයි.

ඒ වගේම ඉන්ටර්නෙට් එකේ ඔහුගේ කතා වලට අදහස් දක්වපු හැමෝටමත් එහෙදි ස්තූති කරලා තියෙනවා. 

කැවුම් කිරිබත් මේසේකුත් එක්ක රන්ජන් ඔහුගේ උපන්දිනේ මේ පාර සමරලා තියෙන්නෙ තනියම කියලයි වීඩියෝ එක බැලූවමනම් පේන්නේ.

එහි සම්පූර්ණ වීඩියෝව පහතින්....





Share this

More Gossip News